මල්ලිගෙ විත්ති...

මම අද කියන්න යන්නෙ මම ජීවිත කාලෙ කියවපු සුපිරිම පොතක් ගැන.... 
පොතේ නම තමයි “මල්ලීගෙ විත්ති”... මේ පොත ගැන මේ ගෘප් එකේ පෝස්ට් පල උනත් මට මතක ඇති කාලෙක මේ පොත ගැන විස්තරයක් එක්ක පෝස්ට් එකක් ගියෙ නෑ... (මගේ මතකය නිවැරදිනම් ) ...
ළමා සාහිත්යිට ලංකාවෙන් බිහිඋන උසස් මට්ටමේ පොතක් විදියට මල්ලිගෙ විත්ති පොත දක්වන්න පුලුවන්..මේ පොත රචනා වෙන්නෙ පොතේ රචකයාගේ ලමා කාලය ඇසුරින් ... පෙරවදනේම ලියවිලා තියෙනව මේක බොහෝ දුරට සත්‍ය සුදුවීම් වලින් යුක්තයි කියල.. කතෘ විසින් කතාවේ රසවත් බව වැඩිකරන්න සුප් කැටයක් තුනපහ ටිකක් වගේ පාවිච්චිකරා කියන එක නොකියා කියල තියෙනව.. මොනව උනත් මේ පොතෙන් දැක්වෙන්නේ ගැමි දරුවෙක්ගේ ලමා අවධිය ගෙවෙන විදියත්, කොලු ගැටයෙකුගේ සෙල්ලං වයසේ දගකාරකම්, කොලුකාරකම් වලින් පිරුණු රසවත් සිද්ධි සමූහයක්.. විශේෂයෙන්ම වත්මන් ළමා පරපුරට උරුම නොවූ, සුන්දර ළමා කාලය (මටද උරුම නොවූ) ගැන වර්තමාන දරුවන්ට අවබෝධයක් ලබන්න ක්‍රියාවෙන් නැතත් මනසින් හරි ඒ ළමාකම විදින්න හොද නිර්මාණයක් විදියට මේ පොත දක්වන්න පුලුවන්... බාල , මහලු , තරුණ කොයි කාටත් කියවල එකසේ විනෝද වෙන්න පුලුවන් රසවිදින්න පුලුවන් පොතක් කියල බය නැතුව කියන්න පුලුවන් (කියවපු අය දන්නව ඇතිනෙ ) .... හිතට දුකක් කරදරයක් ආව වෙලාවට හිත සැහැල්ලු කරගන්න කියවන්න හොද පොතක් (මගෙත් හිනා පොත) ... සිනහවෙන්න කැමති අයට කියවන්න හොද පොතක්...
කතෘ - ගුණදාස ලියනගේ
මා සතු පිටපතේ මුද්‍රනය - සිව්වන මුද්‍රනය 2004
                                                                             මුද්‍රණය සහ ප්‍රකාශනය - බුක්පෝස්ට්, 1169, මරදාන පාර , බොරැල්ල
                                                                                      ISBN – 955-1073-11-8
                                                                             මා සතු පිටපතේ මිල - රු 100/= ** වත්මන් වෙළදපොලේ මිල වෙනස්විය හැක**

6 comments:

  1. ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල කියවපු පොතක් .ආයෙත් කියවන්න ආසයි.ඒත් පොත හොයාගන්න හරි අමාරුයි .නැවත මුද්‍රණ නැති නිසා

    ReplyDelete
  2. ගුණසේන මුද්‍රණයක් තිබුන සමහරවිට හොයාගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  3. ගුණසේන මුද්‍රණයක් තිබුන සමහරවිට හොයාගන්න පුලුවන් වෙයි

    ReplyDelete