බිලියනර් ජෝ


සල්ලි තියෙනවනං ඔක්කොම හරිද?... සල්ලි තියන මිනිස්සු සතුටින් ඉන්නවද?..... ඇත්තටම ජීවිතේ කියන්න සල්ලි හොයල සැප විදින එකද? .... සල්ලි කාරයොන්ට ප්රුශ්න නැද්ද? බිලියනර් ජෝ මේ හැම දේටම උත්තර හොයල දෙයි! කතාවෙ ප්ර ධාන චරිතය වන ජෝ උපතින්ම බිලියන පතියෙක්.. ඔයාලට හිතාගන්නවත් බැරි සල්ලි කන්දරාවක් තියන සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්න කොල්ලෙක්.. එයා යන්නෙ රාජකීයන් යන ඉස්කෝලෙකට.. කන්නෙ මිල අධිකම කෑම.. ගමන බිමන රෝල්ස් රොයිස් කාර් හෙලිකොප්ටර් වලන්.. ඒත් එයාට එක යාළුවෙක් වත් නෑ.. එයා ඒ හින්දම ගමේ තියන දුප්පත් පාසලකට ඇතුල්වෙනව එයාගෙ අනන්යයතාව හංගලා සාමාන්යම ලමයෙක් විදියට.. සල්ලිකාර ජෝ දුප්පත් ලමයි එක්ක කොහොමද මිතුරු වෙන්නෙ.. ජෝගෙ තාත්ත එයාගෙ සල්ලි වලින් ජෝව කොහොමද සතුටු කරන්නෙ.... ජෝ ලොකු සල්ලිකාරයෙක් කියල එයාගෙ යාළුවො ඉස්කෝලෙ ටීචල දැනගත්තාම කොහොම ප්රුතිචාරයක් දක්වයිද? මේ වගේ ගෙඩක් ප්රකශ්න පොත කියවනකොට ඔයාලට හම්බවෙයි! ඒවට පිළිතුරුත් මේ පොතෙන්ම ලැබෙනව! ජෝ කියන මේ පුංචි ගැටයගෙ කතාවෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව .. මේ පොත ලියල තියන්නෙ එංගලන්තයේ ප්රගසිද්ධ ළමා කතුවරයෙක් වන ඩේවිඩ් විලියම්ස්..එයාගෙ කලින් පොත් දෙකක් සිංහලට පරිවර්තනය උනා ඒ Mr Stink කියන පොත දුගද මාම නමින් කත්යා නා අමරසිංහ මහත්මිය අතිනුත්, The Boy in the Dress කියන පොත ගවුම් ඇන්ද ඩෙනිස් නමින් උපාලි උබයසේකර මහත්මා අතින්. ඒ පොත් කියවපු අයට ඩේවිඩ් ගෙ ලේඛන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ! ඒ වගේම මේ පොත සිංහලට පරිවර්තනය වෙන්නෙ ලංකාවෙ ඉන්න ප්රමවීන පරිවර්තකයෙක් වන උපාලි උබයසේකර මහතා අතින් ඔහු විසින් කලින් පරිවර්තනය කරපු මැටිල්ඩා, ළදරු වියේ කතා, ගවුම් ඇන්ද ඩෙනිස් වගේ පොත් වල තියන සරල වගේම හාස්යන ජනක භාෂා හැසිරවීම මේ පොතෙත් දකින්නට තියනව. ඒ වගේම උපාලි උබයසේකරයන් මුල් කෘතියට උපරිම සාධාරණයක් කර ඇති බවත් පේන්න තියනව... සල්ලි පස්සෙ එලවන තාත්තලාට.... සල්ලි මිටි බැදගෙන එකතු කරන අම්මලාට.... සල්ලි ඉල්ලලා වද කරල සැප විදින්න හදන අයියලා අක්කලාට කියවන්න දෙන්න හොදම පොතක්! ඒ විතරක් නෙවෙයි පුංචි හැමෝටම වටිනා ආදර්ශ රැසක් ගන්න පුලුවන් වටිනා නිර්මාණයක්... බාල / මහළු / තරුණ කොයි කාටත් කියවල එකසේ රස විදින්න පුලුවන් ආදර්ශමත් කතාවක්.. මේකට ඔයා වියදම් කරන මුදල අපතේ යන්නෙ නෑ සහතිකයි! ... හිනාවෙන් විනෝදෙන් ඉන්න ආස අය කියවන්න....බිලියනර් ජෝ!
නම - බිලියනර් ජෝ
කතෘ - ඩේවිඩ් විලියම්ස් (බ්රි තාන්යස)
පරිවර්තනය - උපාලි උබයසේකර
වර්ගය - ළමා කතා / හාස්යඅ
ප්රගකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම,61,63 පූජ්ය් හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමි මාවත,(මාලිගා කන්ද පාර) මරදාන - කොළඹ 10.
පොතේ මිල - රු 320/=
මා සතු පිටපතේ මුද්රිණ වර්ශය - 2012
ISBN – 978-955-570-651-3

No comments:

Post a Comment