Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

බිලියනර් ජෝ


සල්ලි තියෙනවනං ඔක්කොම හරිද?... සල්ලි තියන මිනිස්සු සතුටින් ඉන්නවද?..... ඇත්තටම ජීවිතේ කියන්න සල්ලි හොයල සැප විදින එකද? .... සල්ලි කාරයොන්ට ප්රුශ්න නැද්ද? බිලියනර් ජෝ මේ හැම දේටම උත්තර හොයල දෙයි! කතාවෙ ප්ර ධාන චරිතය වන ජෝ උපතින්ම බිලියන පතියෙක්.. ඔයාලට හිතාගන්නවත් බැරි සල්ලි කන්දරාවක් තියන සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්න කොල්ලෙක්.. එයා යන්නෙ රාජකීයන් යන ඉස්කෝලෙකට.. කන්නෙ මිල අධිකම කෑම.. ගමන බිමන රෝල්ස් රොයිස් කාර් හෙලිකොප්ටර් වලන්.. ඒත් එයාට එක යාළුවෙක් වත් නෑ.. එයා ඒ හින්දම ගමේ තියන දුප්පත් පාසලකට ඇතුල්වෙනව එයාගෙ අනන්යයතාව හංගලා සාමාන්යම ලමයෙක් විදියට.. සල්ලිකාර ජෝ දුප්පත් ලමයි එක්ක කොහොමද මිතුරු වෙන්නෙ.. ජෝගෙ තාත්ත එයාගෙ සල්ලි වලින් ජෝව කොහොමද සතුටු කරන්නෙ.... ජෝ ලොකු සල්ලිකාරයෙක් කියල එයාගෙ යාළුවො ඉස්කෝලෙ ටීචල දැනගත්තාම කොහොම ප්රුතිචාරයක් දක්වයිද? මේ වගේ ගෙඩක් ප්රකශ්න පොත කියවනකොට ඔයාලට හම්බවෙයි! ඒවට පිළිතුරුත් මේ පොතෙන්ම ලැබෙනව! ජෝ කියන මේ පුංචි ගැටයගෙ කතාවෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව .. මේ පොත ලියල තියන්නෙ එංගලන්තයේ ප්රගසිද්ධ ළමා කතුවරයෙක් වන ඩේවිඩ් විලියම්ස්..එයාගෙ කලින් පොත් දෙකක් සිංහලට පරිවර්තනය උනා ඒ Mr Stink කියන පොත දුගද මාම නමින් කත්යා නා අමරසිංහ මහත්මිය අතිනුත්, The Boy in the Dress කියන පොත ගවුම් ඇන්ද ඩෙනිස් නමින් උපාලි උබයසේකර මහත්මා අතින්. ඒ පොත් කියවපු අයට ඩේවිඩ් ගෙ ලේඛන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ! ඒ වගේම මේ පොත සිංහලට පරිවර්තනය වෙන්නෙ ලංකාවෙ ඉන්න ප්රමවීන පරිවර්තකයෙක් වන උපාලි උබයසේකර මහතා අතින් ඔහු විසින් කලින් පරිවර්තනය කරපු මැටිල්ඩා, ළදරු වියේ කතා, ගවුම් ඇන්ද ඩෙනිස් වගේ පොත් වල තියන සරල වගේම හාස්යන ජනක භාෂා හැසිරවීම මේ පොතෙත් දකින්නට තියනව. ඒ වගේම උපාලි උබයසේකරයන් මුල් කෘතියට උපරිම සාධාරණයක් කර ඇති බවත් පේන්න තියනව... සල්ලි පස්සෙ එලවන තාත්තලාට.... සල්ලි මිටි බැදගෙන එකතු කරන අම්මලාට.... සල්ලි ඉල්ලලා වද කරල සැප විදින්න හදන අයියලා අක්කලාට කියවන්න දෙන්න හොදම පොතක්! ඒ විතරක් නෙවෙයි පුංචි හැමෝටම වටිනා ආදර්ශ රැසක් ගන්න පුලුවන් වටිනා නිර්මාණයක්... බාල / මහළු / තරුණ කොයි කාටත් කියවල එකසේ රස විදින්න පුලුවන් ආදර්ශමත් කතාවක්.. මේකට ඔයා වියදම් කරන මුදල අපතේ යන්නෙ නෑ සහතිකයි! ... හිනාවෙන් විනෝදෙන් ඉන්න ආස අය කියවන්න....බිලියනර් ජෝ!
නම - බිලියනර් ජෝ
කතෘ - ඩේවිඩ් විලියම්ස් (බ්රි තාන්යස)
පරිවර්තනය - උපාලි උබයසේකර
වර්ගය - ළමා කතා / හාස්යඅ
ප්රගකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම,61,63 පූජ්ය් හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමි මාවත,(මාලිගා කන්ද පාර) මරදාන - කොළඹ 10.
පොතේ මිල - රු 320/=
මා සතු පිටපතේ මුද්රිණ වර්ශය - 2012
ISBN – 978-955-570-651-3

රාගිනි

මා රාගිනියට පෙම් බදීදැයි සිතේ..
මේ වදන් පෙල දැකිත්ම ශ්‍රීනිවාසන්ට මෙන්ම මටද පිස්සුයැයි ඔබ සිතනවා විය හැකිය.. ඇය යකින්නකි.. එය සත්‍යකි.. නමුදූ ඈ මනුශ්‍ය හදවතකටත් එහා ගිය ප්‍රේමයක් පිරූ යකින්නකි.. එය බොහෝ දෙනෙක් පිළිගනීදැයි මා නොදනිමි.. එහෙත් මගේ හිත එය පිළිගැනීමට සූදානම්ය.. එහෙයින් මගේ සිතේ රාගිනියට ආදරයක් ඇති වීම පුදුමයක්යැයි මා නොසිතමි.. යකින්නක් වුව, ඇගේ ගතිපැවතුම් මගේ හිතේ විශේෂ තැනක් ගැනීමට සමත් වූ බව කිව යුතුමය.. ඒ ගතිගුණ බොහෝ කල් සිටම මා සෙවූ ඒවාදැයි සිතෙන තරමටම ඈ මගේ සිත තුලට කා වැදී ඇත..
ඈ රූමත් විය හැක.. එහෙත් අකුරු අතරේ මවන්නට උත්සාහ කල ඒ රූමත් කම මාහට එතරම්ම ඉස්මතුව නොපෙනින.. ඒ ඇයිදැයි මා නොදනිමි.. ඒ ගැන සිතන්නටද මම කාලය වැය නොකරමි.. විරූපීයැයි හැමෝම සිතූ ඔහුට පෙම් කරන්නට සිතූ ඇගේ සිතේ රූමත් බව විනා ඇගේ පෙනුම කෙබදුදැයි සිතීම නිශ්පලයැයි සිතේ.. නමුදු ඇය යකින්නකි.. ඇගේ ශාපයෙන් මිදෙන්නට ආ යකින්නකි..
මට තවත් රාගිනි තුලට එබෙන්නට ඇත්නම් යැයි සිතේ.. ඒ බොහෝ තැන් වලදී ඈ තුලින් මට මාවම කතාව තුලට ගෙන ඒමට හැකියාව ලැබූ හෙයිනි.. එය කොතරම් සාර්ථකදැයි මා නොදනිමි.. එහෙත් එසේ කරනට මා කිසිසේත්ම පසුබට නොවූවෙමි.. එහෙත් මා තුලින් වඩාත් ඉස්මතුවූයේ ශ්‍රීනිවාසන්යැයි සිතීම වඩාත් සුදුසුය.. සැකය හැරෙන්නට අනික් සෑම අතකින්ම මා ඔහුට සමානය.. එහෙයින් මට රාගිනියට පෙම් කිරීමට අයිතියක් ඇත.. මා ඇයට පෙම් කරමි.. ඇය යක්ෂණියකි.. ඒ මා හැරුණු කොට සිටිනා අනික් ලෝකයාට පමනී..
පලු ගසේ සංගීතය ගැන මා දන්නා මුත් එය ගැන කතා කිරීමට මට සිත් නොදේ.. එය හුදෙක් අතීතයක් පමණක්මය.. එහෙයින් මා එය අමතක කරලන්නට උත්සාහ දරමි.. බොහෝ දුරකට මා ඊට සමත් වන මුත් අසමත් වන අවස්ථාද නැතැයි කීම මුසාවකි.. යඟදාවකින් වැරෙන් ඔළුවට ගසන්නාක් මෙන් මොහොතකින් හැම දෙයක්ම මොළය පුරා දිවුවද නෙතු ලගට එන නුඹ ඒ හැමදෙයක්ම මගෙන් අරගෙන මා සතපවන්නේ දෙවඟනක් මෙන්ය.. එය මායාවක්ද මා නොදනිමි.. නමුදු මා එයට පෙම් කරමි.. ඒ සැනසුමට පෙම් කරමි..
රාගිනිය තුල වූ සියුම් හදවත මා දැකීමට උත්සාහ කරමි.. එය අන් කාටවත් නොපෙනන බව මා දනිමි.. අන් හැමෝටම ඈ දෙපා පොළව මත නොගැටෙන තැනැත්තියක වුවද මට ඉන් පලක් නැත.. ඇයට පෙම් කරනුයේ මා පමනකි.. ඇය පෙම්කරන්නේද මට පමනකි.. එය ඇයද හොදින්ම දැන සිටින්නීය.. පලු ගසේ සංගීතයට එහා ගිය සොදුරු මිහිරි කවිකමක් ඈ මා තුලින් විදිමින් සිටින්නීය.. ඇය හුදී ලෝකයාට නොපෙනෙන බව දැන ගැනීමට ගෙවුන කාලය ප්‍රමාණවත්ය.. ඔවුනට මගේ විරූපි බව ගැටළුවක්ය.. පලු ගසේ සංගීතය අතරින් මා මරන්නැයි අනේක විට කීවද එය නොඇසෙන සේ හිදීමට තරම්ම නුඹ වෙනස් වී ඇත.. නුඹ මා හා පෙමින් වෙලී ඇත..
මාද එසේමය.. එහෙත් එක් වෙනසක් ඇති බව පිළිගතම යුත්තේය.. සපුරන්නට ආසාවෙන් බොහෝ කල් බලා හිදි එක් පැතුමක් නිතර හිත පාරවන්නේය.. එය නුඹට තේරුම් ගත් හැකිදැයි මා නොදනිමි.. එසේ වීනම් මා සතුටින් ඉපිලෙන තරම නුඹටද සිතාගත නොහැකිය.. නමුදු එය එසේ නැත.. නුඹට මා සිත කියවන්නට නොහැක.. ආත්මයේ සිට දවාගෙන මුළු ගතම පෙලන ඒ හැගීම නුඹට කෙදිනක හෝ නොහැගෙනු ඇත.. මා සැබවින්ම දැවේ.. එහෙත් එය යටපත්කරනු විනා කල හැක්කක් මා නොදනිමි.. ඒ මා නුඹට පෙම් කරන බැවිනි..
මනසේ සුන්දරත්වයට පෙම් කල යුතු බව මා සිතට කා වැදුන දින සිටම මා දැවෙන ගින්න යටපත් කිරීමට මා බොහෝ උත්සාහ කලෙමි.. අවසානයේ මා සාර්ථක වීමී.. එහෙත් අවසානයේ මා නුඹ ලග අසාර්ථක වන විට යටපත් කර ගත් ගින්නෙහිම මා තව තවත් දැවෙන බව මා හොදින්ම දන්නෙමි.. එහෙත් එය නුඹට නොවැටහෙනු ඇත.. එය එසේ වේනම් මා සතුටු වෙමි.. මන්දයත් මා නුඹට පෙම් කරමි.. සැබවින්ම පෙම් කරමි.. නුඹ යක්ශියක නොවන බව මා ස්තීරවම දන්නේය.. එය අන් අයට තේරුම් කිරීමට මා හට කිසිදු උනන්දුවක් නැත්තේය.. රහසේම මා නුඹට පෙම් කරමි.. සදා නොවෙනස්ව මා නුඹට පෙම් කරමි..
රාගිනිය,
ම්රුදු මොලොක් සිත්වලට
ආදරය තවරා පල කිම.
වැරෙන් මුගුරු අරගෙන
නුඹ නසන්නට
උන් එනකොට..
සගවමු සත්‍ය
අදුරු ගල් ගුහාවක
පන්සක වසරක පෙම
ලියමු ගලන දිය මත
හිස් වුන හදවතට මට
ඉඩ දෙන්න කාව්‍යක් ලියන්න..
නුඹ දෙපා ගැටේවි
යලිදු මේ පොළව මත
ප්‍රේමය හැරදා නොයාවි
ගෙවුන සක වසර තරමට
ඉඩ නොදෙමි මම පාව යන්නට
දුම් වළාවක්ව නුඹට අහසට..
( ටික කාලෙකට උඩදී එක හුස්මට ආසාවෙන් කියවපු පොත ගැන එවෙලම හිතට ආව සිතුවිල්ලකි )


Asantha K Umagiliya සහෝදරයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පල කරන ලද ලිපියකි...

සෝවියට් කෙටි කථා

සෝවියට් කෙටි කථා
අනුවාදය : පද්මහර්ෂ කුරණගේ
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN 978-955-652-460-4

අන්තර්ගතය
  • මැක්සිම් ගෝර්කි - මවගේ කතාව
  • ‍‍බොරීස් ගොර්බාතෝෆ් - කැකිරි දූපතේ දරු උපත
  • ඇලෙක්සි තොල්ස්තොයි - රුසියන් චරිතය
  • නීනා එමලියානවා - ආදරය
  • ඊගර් සබේලින් - සාක්කිකරුවන් නොමැතිව
  • ගෙනාදි කලිනෝව්සකි - කෙළෙහිගුණ නොදත් රෝගියා
  • මිහායිල් ෂෝලොහොෆ් - මිනිහෙකුගෙ ඉරණම
  • යූලියා ෂෙස්තකෝවා - ජීවමාන කොටියා
  • යූරි නගිබීන් - කමරොෆ්
  • කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි - කාලය

වැඩ බැරි දාස ගැන කතා


**** කුසුම් පුරයේ කුරුමිට්ටන්ගේ හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගැන කියවෙන අපූර්වතම කතා අහුර****
පොතේ නම - වැඩ බැරි දාස ගැන කතා
කතෘ - නිකොලායි නෝසව්
අනුවාදනය - දැදිගම .වී . රුද්රිනගූ 
ප්රවථම මුද්රැනය - 2004 - අප්රේිල්
ප්රවකාශනය සහ බෙදාහැරීම - කැටපත ප්රතකාශන , සුපිරි වෙළෙද සංකීර්ණය, කොළඹ 08.
ප්රවථම මුද්ර නයේ මිල - රු 150 /=
_________________________________________________
මෙන්න තවත් ලමා කාලයේ මිහිරි මතකයක්
වැඩ බැරි දාස ගැන කතා....
නිකොලායි නෝසව් විසින් ලියපු වැඩ බැරි දාසගෙ කතා ලොකු කුඩා කාටත් එකසේ රස විදින්න පුලුවන් කතා පොතක් ... නමුත් මේක ළමා කතාවක් ...කතා කීපයක එකතුවක් විදියට තියෙන මේ පොතේ ඉන්නෙ සාමාන්යව මිනිස්සු නම් නෙවෙයි වාමනයෝ... කැකිරි ගෙඩියක් විතර උස කට්ටියක්... මේ වාමනයෝ ජීවත් වෙන නගරය හරිම සුන්දරයි නගරයේ නම කුසුම් පුරය .. නම වගේම කතාවෙ එන විදියට මේ මුලු නගරයේම මල් වවල ලස්සන කරල.. පාරවල් එහෙමත් ඩේසි මාවත , සේපාලිකා මග වගේ මල් වලින්ම නම් කරල තියෙනව.... මේ පොතේ භාෂාව දරුවන්ට පහසුවෙන් චිත්ත රූප මැවෙන විදියෙ සරල වගේම හොද පසුබිම් විස්තරයක් සහිත භාෂාවක් කාටුන් බලන්න ඇබ්බැහිඋන දරුවෙක් පොත් කියවීමට යොමු කරන්න භාවිතා කරන්න පුලුවන් පොතක් විදියට දක්වන්න පුලුවන්... කුසුම් පුරයේ ඉන්න වාමනයො , වාමනියෝ (ගෑණු අය) ... මේ කතාන්දර සෙට් එකේ මීටරේ තමයි දක්ස පාල (අපි වගේ පොත පත කියවන කෙනෙක්) ..ඒ වගේම දොස්තර මහත්තයත්... ඒ වගේම කුසුම් පුරේ නව නිපැයුම්කරුවන් වන ඉස්කුරුප්පු බාස් සහ සහයක මුරිච්චියාත්... දඩයම් සේන සහ සුරතල් බුල්කා .. මී පැනි දාස ..චිත්ර් අදින “වර්ණ” , සංගීත වාදන කුසල් , කඩිනම් රාළ , දොඩවන්නා , නිහඩයා , බොත්තමා , අපායට යන්න හරි වැඩ බැරි දාසත් එක්ක එන ගුණේ වගේ සූර වීර දස්ස පිස්සු යාළු රැලක් එක්ක මොන වැඩේ කරත් ඇදගෙන නාගන්න වැඩ බැරි දාස මේ කතා මාලාවෙදි පාඨකයාට හමුවෙනව.. හරබර බරසාර කතා කියවල මනසට විඩාව දැනුන අයටත්... ලමා කතා ලෝලීන්ටත්... කුඩා දරුවන්ටත් එක හුස්මට කියවන්න පුලුවන් ...පිටුවක් පිටුවක් ගානෙ අපූරු ලෝකෙක ඇවිදින්න පුලුවන් කතාවක් කියල නොබියව කියන්න පුලුවන් අරගෙන කියවන්න.... ස්තූතියි!
සටහන - හිරුණ දියමන්ත

සැබෑ මිනිසෙකුගේ කතාවක්

නම - සැබෑ මිනිසෙකුගේ කතාවක්
කතෘ - බරිස් පලෙවොයි
පරිවර්තනය - දැදිගම . වී . රුද්‍රිගූ
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2012
මා සතු පිටපතේ මිල- රු 480/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 978-955-676-454-3
අලෙක්සේයි මරේසියෙව් නම් රුසියානු සෙබලා දෙවන ලෝක සංග්‍රාමයේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුධ සේනාංක හා සටන් වැදී සිදු වූ ගුවන් අනතුරකින් දෙපා අහිමි වූවෙකි. සතුරු වෙඩි පහරකින් තම ගුවන් යානය වනයට කඩාවැටීමෙන් අතරමංවන මොහු තම රිදුම් දෙන තුවාල වූ ඇට කටු බිඳී ගිය දෙපයත්, හිමෙන් වැසී ගිය කටුක දේශගුණික තත්වයත්, බඩගින්නක් , උසුලාගෙන සති දෙකකටත් වඩා කාලයක් තම සගයින් සොයමින් ගමන්ගනී. කැලේ සැගවුනු රුසියානු ගැමියන් පිරිසක් විසින් ඔහුගේ දිවි බේරා ප්‍රතිකාර සඳහා නැවත ගුවන් හමුදාවට බාරදෙන අතර රෝහලේදී ඔහුගේ දෙපා ඉවත් කිරීමටද සිදුවේ. මින් ඔහුගේ පියාසර සිහිනය බිඳවැටුනද රෝහලේ නේවාසික සගයින්ගේ දිරිමත් කිරීම් මත බොරු කකුල් හා දීර්ඝ කාලයක් වෙහෙසවී කල ව්‍යායාම හා පුහුණුවීම් වලින් අනතුරුව නැවතත් පියාසර කිරීමේ බලා පොරොත්තුව ඉටු කරගනී. එවකට රුසියානු ගුවන් හමුදාවේ පැවති යම් නිර්දේශයන්ටත් අභියෝගයක් වෙමින් මේ දෙපා නැති නියමුවා. දෙපා ඇති නියමුවන් හා කරට කර තරග කරමින් ඔවුන් අභිබවමින් දක්ෂකම් දක්වයි. කෙතරම් බාධක අභියෝග පැමිණියද , තමා අබ්බගාතයෙකු වුවද , ඉවසීම, කැපවීම,පුහුණුව,අධිෂ්ඨානය මතින් තම ජීවිතය ජය ගනී. රුසියානු ජනතාවගේ දේශප්‍රේමීත්වයද , රණකාමීත්වයද මැනවින් ප්‍රදර්ශණය කරන මෙම කෘතියෙන් ලාංකීය ජන සමාජයට බොහෝ දේ ඉගෙනීමට තිබේ. සත්‍ය කතාන්දරයක් වන මෙය ලොව වටා විවිධ භාෂා වලට පරිවර්තනය වූ ලෝකප්‍රකට සාහිත්‍ය නිර්මාණයකි. ජීවිතයේ කල නොහැකි යැයි සිතන දේ කරන්න. බාධකවලට , අභියෝග වලට මුහුණ දෙන්න ඉගෙනගන්න කියවන්න සැබෑ මිනිසෙකුගේ කතාවක්......
සටහන - හිරුණ දියමන්ත

අම්මා සහ මිහිකත

නම - අම්මා සහ මිහිකත
කතෘ - චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - දැදිගම . වී . රුද්‍රිගූ
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ
 මා සතු පිටපතේ මුද්‍රණය - 2013

මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේදී තම පුතුන් දෙදනා සහ සැමියා මිය ගිය, ගෙවි ලියක ගේ, බිරිඳක ගේ, මවක ගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.පොදු ජනයා අතර ඉතාම දිළිඳු මට්ටමේ සිට ඉහලට පැමිණි සාමාන්‍යය කිර්ගීස් කාන්තාවකගේ ආත්මීය ප්‍රකාශනයකි. යුද්ධයක් හේතුවෙන්  පීඩා විදින හමුදා සාමාජිකයන්ගේ පවුල් පිලිබඳවත්, යුද්ධයක් හමුවේ මහජනයා ගේ මානසික බිඳ වැටීමත් මැනවින් මෙම කෘතියෙන් ඉස්මතු කරයි. මෙහි ප්‍රධාන චරිතය තුලින් රුසියානුවන් ගේ උපතින් එන දේශානුරාගය පෙන්වයි. තම දරුවන්, තම සැමියා යුද බිමේදී මිය ගිය බවට එන පුවත් වලින් නොසැලෙන ඇය අහිමිවූ දෙයට වඩා හිමිවී ඇති දේ ආරක්ෂාකිරීමට උත්සුකවන සැබෑම මාතාවකි. ප්‍රකට රුසියානු ගත් කතුවරයෙකු වන චින්ගීස් අයිත්මාතව් ගේ කෘතියක්වන අම්මා සහ මිහිකත තුලින් දේශප්‍රේමියෙකුගේ රාගයද ගත් කතුවරයෙකුගේ කුසලතාවයද දැකිය හැකිය. මුළු මහත් සමාජීයය ජීවිතයද  වෙනස් කිරීමට සමත් වූ ජනතාවගේ වික්‍රමාන්විත ක්‍රියාදාමය ඉතා ශාස්ත්‍රීය අයුරින් විස්තර කරයි.


By - Hiruna Diyamantha

කවබත යසුනරි ගේ කෙටිකථා

- කවබත යසුනරි ගේ කෙටිකථා -
ISBN 978-955-671-867-6
පරිවර්තනය: මහාචාර්ය ආරිය රාජකරුණා
සරසවි ප්‍රකාශකයෝ

"පසුගිය සියවස තුල ජපානයේ පහල වූ අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු වන කවබත යසුනරි වනාහි ප්‍රධාන වශයෙන්ම නවකථාකරුවෙකු හා කෙටිකථාකරුවෙකි. මහා‍චාර්ය ආරිය රාජකරුණ විසින් සිංහල බසට පරිවර්තනය කෙරුණු ඔහුගේ කෙටිකථා දහයක් මෙම කෙටිකථා සංග්‍රහයට ඇතුලත් වේ. යථාර්ථ වාදි රීතිය තරමක් දුරට ය‍ටපත් කිරීම, කාව්‍යමය රීතිය ඉස්මතු කිරීම, කියන දැය අනුසාරයෙන් නොකියන දැය ඉස්මතු කිරීම ආදිය ඔහුගේ කෘතීන්හි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයකි. ඔහු තත්කාලීන යුරෝපීය සාහිත්‍යයේත් චිරන්තන ජපන් සාහිත්‍යයේත් ආභාසය ලබා තමාටම ආවේණික වූ කථා කලාවක් බිහි කිරීමට සමත් විය. ජපන් සංස්කෘතියේ හරය ඉතා සියුම් ලෙස නිරූපණය කෙරෙන කථා කලාවක් නිර්මාණය කිරීම අතින් දැක්වූ නිපුණත්වයට උපහාරයක් වශයෙන් 1968 දී ඔහු වෙත සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගය පිරිනැමිණ."

ගුරු තරුව ඔබයි.........




ගුරු තරුව ඔබයි.........
ශිෂ්ඨාචාරගත නොවූ සිසු පිරිසක් ... එහෙමත් නැත්නම් දඩබ්බර නූගත් පාදඩයන් ගානට වැටුනු සිසු පිරිසක්... සමාජයෙන් ගුරුවරුන්ගෙන් කෙතරම් කොන් වෙනවාද... සිසුන්ගේ වැරදිවලට දඩුවම් කිරීමෙන්ම සිසුන් වෙනස් කරන්න පුලුවන්ද?.. උගන්වන්න බෑ.. හදන්න බෑ.. මුන්ට ඉගෙනගන්න බෑ... මුන්ගෙ හැදියාවක් නෑ... කියල කෑ ගහන ගුරුවරු පිරිසක් තුල සිසුවෙක්ට තම වැරදි අඩුපාඩු හදාගෙන ගොඩ එන්න පුලුවන්ද... සමාජයෙන් පමණක් නෙවෙයි සිසුන්ගෙන් පවා කොන් උන චරිතයකට සිසුන්ගේ අඩුපාඩු හදල සිසුන්ව යහ මගට ගන්න පුලුවන්ද?... එහෙම චරිත ඉන්නෙ කතා පොත් වල විතරමද?.......... මෙන්න ඒ හැම එකටම පිලිතුර............. දහසක් ගුරුවරුන් අතර සැබෑ ගුරුතුමෙක් ගැන කියවෙන .... ගුරු තරුව ඔබයි.......................
මහත්මා ගති ගැන මහ ලොකුවට කතා කරන .. මානව අයිතිවාසිකම් වගේ ලොකු මාතෘකා ගැනත් ලොකුවට කතා කරන එංගලන්තයේ එක්තරා යුගයක කලු ජාතිකයන්ට පහත් විදියට සැලකුවා.... එහෙම කාලයක මුඩුක්කු පරිසරයක හැදුනු ශිෂ්ඨාචාරයෙන් බැහැර උනු... නිවැරදි වචනයෙන් කියනවනං පාදඩ වෙච්ච , හදන්න බෑ උගන්වන්න බෑ කියල අහකදාපු පාසල් කොල්ලො කෙල්ලො ටිකකට ජීවිතයේ නිසි මග කියල දෙන “පෙන්වා මග - නොමග නොවැටී යන සැටි” පෙන්වාදෙන සැබෑ ගුරුතුමෙක්ගේ කතාව ... නිවැරදිම වචනෙන් කියනවනම් ගුරු තරුවකගේ කතාව මේ ගුරු තරුව ඔබයි පොතෙන් ගෙන එනව.... පාසල් ගුරුමන්ඩලයෙන් විතරක් නෙවෙයි සිසුන්ගෙනුත් තමුන්ගේ කලු හමට එන අපහාස උපහාස තඹේකට මායිම් නොකර ... සිසුන්ගේ ජීවතයේ වැරදුන තැන් සොයා පිලියම් කරමින් සිසුන්ට අලුත් ජීවිතයකට යහපත් අනාගතයකට මාර්ගය හදන මේ ගුරුතුමා .. ගුරුතුමෙකුගේ කාර්යභාරය පොත පත දැනුම දීම පමණක් නොව ජීවිතය සමාජය යහපත් ගති පැවතුම්ද ඉගැන්වීම බව පෙන්වනවා... ගුරුවරු අතර සැබෑ ගුරු පියෙක් වන මේ ගුරුතුමාගේ කතාව තවත් එක් ප්රදබන්ධයක් නොවී සත්යම කතාවක් වීමත් විශේෂත්වයක් වෙනවා... මේ පොත කියවා මම තේරුම්ගත් දේ නම් “වන සීපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” කියන එකයි.... ඕනෑම කෙනෙකුට කියවල රසවිදින්න පුලුවන් මේ පොත කියවනකොට තමන්ගෙ ජීවිතයේ යහපත් විදියේ වෙනසකට හේතු උන ගුරුතුමෙක් ගුරුතුමියක් මතක් වේවි... මේ පොත සෑම ගුරුවරයෙක්ම අනිවාරයෙන් කියවිය යුතු පොතක් කියල මම හිතනව...... මම මගේ ගුරුතුමෙක්ට හරි ගුරුතුමියකට හරි තෑග්ගක් දෙනකොට මේ පොතේ                                                                           පිටපතක් වරද්දන්නෙ නෑ...
නම - ගුරු තරුව ඔබයි
කතෘ - එඩ්වඩ් රිකාඩෝ බ්රේනත්වෙට්
පරිවර්තනය - මුදිත ගුණතිලක
ප්‍රථම මුද්ර්ණය - 2006
ප්‍රකාශනය - විජේසූරිය පාඨක පදනම ,812, මරදාන පාර, පුංචි බොරැල්ල.
ISBN – 955-1387-84-8
ප්රNතම මුද්රිණයේ මිල - රු 200
**** මෙම කෘතියම සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් “ආදරණීය ගුරුතුමනි” නමින් පරිවර්තනය කරා
එහි ප්‍රකාශනය සරසවි ප්ර්කාශකයෝ, ISBN 955-573-275-2

මැටිල්ඩා





නම - මැටිල්ඩා

කතෘ - රෝල් ඩාල්
පරිවර්තනය - උපාලි උබයසේකර
ප්‍රකාශනය - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මා සතු පිටපතේ මුද්‍රණය - 2002
මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 955-652-095-8






මැටිල්ඩා, පොත් වලට ආදරේ කරන, කෙලවරක් නැති තරමට පොත් කියවන්නට ආස කරන, වයසට වඩා බොහෝම අසාමාන්‍ය දස්සකම් ඇති පුංචි කෙල්ලක්. ඒත් එයාගෙ අම්මා, තාත්තා ඒ කියන්නෙ වර්ම්වුඩ් නෝනයි,මහත්මයයි නම් හිතන්නෙ වෙනස් විදියකට මැටිල්ඩා ගැන. ඒ දෙන්නා හිතන්නේ මැටිල්ඩා කියන්නේ හරිම කරදරකාරියක්,හරිම හිසරදයක් කියලයි.මැටිල්ඩා ඒ දෙන්නා ගැන හිතන්නේ,ඇත්තටම නිවැරදිව හිතන්නේ, දවස පුරා ටී.වී බලන්නටත් , මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්නත් විතරක් දන්න දෙන්නෙක් හැටියටයි. මැටිල්ඩා තීරණය කලා මේ දෙන්නාට දඩුවම් කරන්න, මේ නරක වැඩ කරන නිසා. වැඩි දවසක් යන්න ඉස්සර මැටිල්ඩාට තේරුම් ගියා, එයාට මොකද්දෝ අද්භූත බලයක් තියෙන බව. ගෙදරදී විතරක් නෙවෙයි, එයාගේ ක්‍රන්ච් හෙම් හෝල් පාසලේදිත් නොයෙකුත් දේවලට ඒ බලය උදව් වෙන බව මැටිල්ඩාට තේරුම් යනවා. මැටිල්ඩා ගේ පාසලේ ඉන්න හැමෝම එයාලගෙ විදුහල්පතිනියට, ඒකියන්නෙ “ලොකු මිස්ට පණ බයේ තමයි ඉන්නේ. දන්නවද කවුද ඒ පාසලේ ලොකු මිස් කියල ? එයා තමයි මිස් ට්‍රන්ච්බුල්.... අප්පෝ එයාගෙ හැටියි එයාගෙ වැඩයි.... කියවල බලන්නකෝ මැටිල්ඩාගේ කතාව...
මේ ළමා නවකතාව මේ සම්මානවලින් පිදුම් ලබල තියෙනවා....


Federation of Children’s Book Group Award (UK 1988)
Voted “Nation’s Favorite Children’s Book ” in BBC Bookworm Poll (UK 1998)
මගේ පුද්ගලික අදහස - මා සතු ලමා කතා එකතුවේ ඩාල්ගෙ පොත් වලට ලැබෙන්නෙ විශේෂ තැනක්! එයිනුත් වැඩියෙන්ම සිත් ගත් පොත් අතර තියෙන එකක් මැටිල්ඩා...