අම්මා සහ මිහිකත

නම - අම්මා සහ මිහිකත
කතෘ - චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - දැදිගම . වී . රුද්‍රිගූ
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ
 මා සතු පිටපතේ මුද්‍රණය - 2013

මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේදී තම පුතුන් දෙදනා සහ සැමියා මිය ගිය, ගෙවි ලියක ගේ, බිරිඳක ගේ, මවක ගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.පොදු ජනයා අතර ඉතාම දිළිඳු මට්ටමේ සිට ඉහලට පැමිණි සාමාන්‍යය කිර්ගීස් කාන්තාවකගේ ආත්මීය ප්‍රකාශනයකි. යුද්ධයක් හේතුවෙන්  පීඩා විදින හමුදා සාමාජිකයන්ගේ පවුල් පිලිබඳවත්, යුද්ධයක් හමුවේ මහජනයා ගේ මානසික බිඳ වැටීමත් මැනවින් මෙම කෘතියෙන් ඉස්මතු කරයි. මෙහි ප්‍රධාන චරිතය තුලින් රුසියානුවන් ගේ උපතින් එන දේශානුරාගය පෙන්වයි. තම දරුවන්, තම සැමියා යුද බිමේදී මිය ගිය බවට එන පුවත් වලින් නොසැලෙන ඇය අහිමිවූ දෙයට වඩා හිමිවී ඇති දේ ආරක්ෂාකිරීමට උත්සුකවන සැබෑම මාතාවකි. ප්‍රකට රුසියානු ගත් කතුවරයෙකු වන චින්ගීස් අයිත්මාතව් ගේ කෘතියක්වන අම්මා සහ මිහිකත තුලින් දේශප්‍රේමියෙකුගේ රාගයද ගත් කතුවරයෙකුගේ කුසලතාවයද දැකිය හැකිය. මුළු මහත් සමාජීයය ජීවිතයද  වෙනස් කිරීමට සමත් වූ ජනතාවගේ වික්‍රමාන්විත ක්‍රියාදාමය ඉතා ශාස්ත්‍රීය අයුරින් විස්තර කරයි.


By - Hiruna Diyamantha

No comments:

Post a Comment