මැටිල්ඩා





නම - මැටිල්ඩා

කතෘ - රෝල් ඩාල්
පරිවර්තනය - උපාලි උබයසේකර
ප්‍රකාශනය - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මා සතු පිටපතේ මුද්‍රණය - 2002
මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 955-652-095-8






මැටිල්ඩා, පොත් වලට ආදරේ කරන, කෙලවරක් නැති තරමට පොත් කියවන්නට ආස කරන, වයසට වඩා බොහෝම අසාමාන්‍ය දස්සකම් ඇති පුංචි කෙල්ලක්. ඒත් එයාගෙ අම්මා, තාත්තා ඒ කියන්නෙ වර්ම්වුඩ් නෝනයි,මහත්මයයි නම් හිතන්නෙ වෙනස් විදියකට මැටිල්ඩා ගැන. ඒ දෙන්නා හිතන්නේ මැටිල්ඩා කියන්නේ හරිම කරදරකාරියක්,හරිම හිසරදයක් කියලයි.මැටිල්ඩා ඒ දෙන්නා ගැන හිතන්නේ,ඇත්තටම නිවැරදිව හිතන්නේ, දවස පුරා ටී.වී බලන්නටත් , මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්නත් විතරක් දන්න දෙන්නෙක් හැටියටයි. මැටිල්ඩා තීරණය කලා මේ දෙන්නාට දඩුවම් කරන්න, මේ නරක වැඩ කරන නිසා. වැඩි දවසක් යන්න ඉස්සර මැටිල්ඩාට තේරුම් ගියා, එයාට මොකද්දෝ අද්භූත බලයක් තියෙන බව. ගෙදරදී විතරක් නෙවෙයි, එයාගේ ක්‍රන්ච් හෙම් හෝල් පාසලේදිත් නොයෙකුත් දේවලට ඒ බලය උදව් වෙන බව මැටිල්ඩාට තේරුම් යනවා. මැටිල්ඩා ගේ පාසලේ ඉන්න හැමෝම එයාලගෙ විදුහල්පතිනියට, ඒකියන්නෙ “ලොකු මිස්ට පණ බයේ තමයි ඉන්නේ. දන්නවද කවුද ඒ පාසලේ ලොකු මිස් කියල ? එයා තමයි මිස් ට්‍රන්ච්බුල්.... අප්පෝ එයාගෙ හැටියි එයාගෙ වැඩයි.... කියවල බලන්නකෝ මැටිල්ඩාගේ කතාව...
මේ ළමා නවකතාව මේ සම්මානවලින් පිදුම් ලබල තියෙනවා....


Federation of Children’s Book Group Award (UK 1988)
Voted “Nation’s Favorite Children’s Book ” in BBC Bookworm Poll (UK 1998)
මගේ පුද්ගලික අදහස - මා සතු ලමා කතා එකතුවේ ඩාල්ගෙ පොත් වලට ලැබෙන්නෙ විශේෂ තැනක්! එයිනුත් වැඩියෙන්ම සිත් ගත් පොත් අතර තියෙන එකක් මැටිල්ඩා...





No comments:

Post a Comment