රාගිනි

මා රාගිනියට පෙම් බදීදැයි සිතේ..
මේ වදන් පෙල දැකිත්ම ශ්‍රීනිවාසන්ට මෙන්ම මටද පිස්සුයැයි ඔබ සිතනවා විය හැකිය.. ඇය යකින්නකි.. එය සත්‍යකි.. නමුදූ ඈ මනුශ්‍ය හදවතකටත් එහා ගිය ප්‍රේමයක් පිරූ යකින්නකි.. එය බොහෝ දෙනෙක් පිළිගනීදැයි මා නොදනිමි.. එහෙත් මගේ හිත එය පිළිගැනීමට සූදානම්ය.. එහෙයින් මගේ සිතේ රාගිනියට ආදරයක් ඇති වීම පුදුමයක්යැයි මා නොසිතමි.. යකින්නක් වුව, ඇගේ ගතිපැවතුම් මගේ හිතේ විශේෂ තැනක් ගැනීමට සමත් වූ බව කිව යුතුමය.. ඒ ගතිගුණ බොහෝ කල් සිටම මා සෙවූ ඒවාදැයි සිතෙන තරමටම ඈ මගේ සිත තුලට කා වැදී ඇත..
ඈ රූමත් විය හැක.. එහෙත් අකුරු අතරේ මවන්නට උත්සාහ කල ඒ රූමත් කම මාහට එතරම්ම ඉස්මතුව නොපෙනින.. ඒ ඇයිදැයි මා නොදනිමි.. ඒ ගැන සිතන්නටද මම කාලය වැය නොකරමි.. විරූපීයැයි හැමෝම සිතූ ඔහුට පෙම් කරන්නට සිතූ ඇගේ සිතේ රූමත් බව විනා ඇගේ පෙනුම කෙබදුදැයි සිතීම නිශ්පලයැයි සිතේ.. නමුදු ඇය යකින්නකි.. ඇගේ ශාපයෙන් මිදෙන්නට ආ යකින්නකි..
මට තවත් රාගිනි තුලට එබෙන්නට ඇත්නම් යැයි සිතේ.. ඒ බොහෝ තැන් වලදී ඈ තුලින් මට මාවම කතාව තුලට ගෙන ඒමට හැකියාව ලැබූ හෙයිනි.. එය කොතරම් සාර්ථකදැයි මා නොදනිමි.. එහෙත් එසේ කරනට මා කිසිසේත්ම පසුබට නොවූවෙමි.. එහෙත් මා තුලින් වඩාත් ඉස්මතුවූයේ ශ්‍රීනිවාසන්යැයි සිතීම වඩාත් සුදුසුය.. සැකය හැරෙන්නට අනික් සෑම අතකින්ම මා ඔහුට සමානය.. එහෙයින් මට රාගිනියට පෙම් කිරීමට අයිතියක් ඇත.. මා ඇයට පෙම් කරමි.. ඇය යක්ෂණියකි.. ඒ මා හැරුණු කොට සිටිනා අනික් ලෝකයාට පමනී..
පලු ගසේ සංගීතය ගැන මා දන්නා මුත් එය ගැන කතා කිරීමට මට සිත් නොදේ.. එය හුදෙක් අතීතයක් පමණක්මය.. එහෙයින් මා එය අමතක කරලන්නට උත්සාහ දරමි.. බොහෝ දුරකට මා ඊට සමත් වන මුත් අසමත් වන අවස්ථාද නැතැයි කීම මුසාවකි.. යඟදාවකින් වැරෙන් ඔළුවට ගසන්නාක් මෙන් මොහොතකින් හැම දෙයක්ම මොළය පුරා දිවුවද නෙතු ලගට එන නුඹ ඒ හැමදෙයක්ම මගෙන් අරගෙන මා සතපවන්නේ දෙවඟනක් මෙන්ය.. එය මායාවක්ද මා නොදනිමි.. නමුදු මා එයට පෙම් කරමි.. ඒ සැනසුමට පෙම් කරමි..
රාගිනිය තුල වූ සියුම් හදවත මා දැකීමට උත්සාහ කරමි.. එය අන් කාටවත් නොපෙනන බව මා දනිමි.. අන් හැමෝටම ඈ දෙපා පොළව මත නොගැටෙන තැනැත්තියක වුවද මට ඉන් පලක් නැත.. ඇයට පෙම් කරනුයේ මා පමනකි.. ඇය පෙම්කරන්නේද මට පමනකි.. එය ඇයද හොදින්ම දැන සිටින්නීය.. පලු ගසේ සංගීතයට එහා ගිය සොදුරු මිහිරි කවිකමක් ඈ මා තුලින් විදිමින් සිටින්නීය.. ඇය හුදී ලෝකයාට නොපෙනෙන බව දැන ගැනීමට ගෙවුන කාලය ප්‍රමාණවත්ය.. ඔවුනට මගේ විරූපි බව ගැටළුවක්ය.. පලු ගසේ සංගීතය අතරින් මා මරන්නැයි අනේක විට කීවද එය නොඇසෙන සේ හිදීමට තරම්ම නුඹ වෙනස් වී ඇත.. නුඹ මා හා පෙමින් වෙලී ඇත..
මාද එසේමය.. එහෙත් එක් වෙනසක් ඇති බව පිළිගතම යුත්තේය.. සපුරන්නට ආසාවෙන් බොහෝ කල් බලා හිදි එක් පැතුමක් නිතර හිත පාරවන්නේය.. එය නුඹට තේරුම් ගත් හැකිදැයි මා නොදනිමි.. එසේ වීනම් මා සතුටින් ඉපිලෙන තරම නුඹටද සිතාගත නොහැකිය.. නමුදු එය එසේ නැත.. නුඹට මා සිත කියවන්නට නොහැක.. ආත්මයේ සිට දවාගෙන මුළු ගතම පෙලන ඒ හැගීම නුඹට කෙදිනක හෝ නොහැගෙනු ඇත.. මා සැබවින්ම දැවේ.. එහෙත් එය යටපත්කරනු විනා කල හැක්කක් මා නොදනිමි.. ඒ මා නුඹට පෙම් කරන බැවිනි..
මනසේ සුන්දරත්වයට පෙම් කල යුතු බව මා සිතට කා වැදුන දින සිටම මා දැවෙන ගින්න යටපත් කිරීමට මා බොහෝ උත්සාහ කලෙමි.. අවසානයේ මා සාර්ථක වීමී.. එහෙත් අවසානයේ මා නුඹ ලග අසාර්ථක වන විට යටපත් කර ගත් ගින්නෙහිම මා තව තවත් දැවෙන බව මා හොදින්ම දන්නෙමි.. එහෙත් එය නුඹට නොවැටහෙනු ඇත.. එය එසේ වේනම් මා සතුටු වෙමි.. මන්දයත් මා නුඹට පෙම් කරමි.. සැබවින්ම පෙම් කරමි.. නුඹ යක්ශියක නොවන බව මා ස්තීරවම දන්නේය.. එය අන් අයට තේරුම් කිරීමට මා හට කිසිදු උනන්දුවක් නැත්තේය.. රහසේම මා නුඹට පෙම් කරමි.. සදා නොවෙනස්ව මා නුඹට පෙම් කරමි..
රාගිනිය,
ම්රුදු මොලොක් සිත්වලට
ආදරය තවරා පල කිම.
වැරෙන් මුගුරු අරගෙන
නුඹ නසන්නට
උන් එනකොට..
සගවමු සත්‍ය
අදුරු ගල් ගුහාවක
පන්සක වසරක පෙම
ලියමු ගලන දිය මත
හිස් වුන හදවතට මට
ඉඩ දෙන්න කාව්‍යක් ලියන්න..
නුඹ දෙපා ගැටේවි
යලිදු මේ පොළව මත
ප්‍රේමය හැරදා නොයාවි
ගෙවුන සක වසර තරමට
ඉඩ නොදෙමි මම පාව යන්නට
දුම් වළාවක්ව නුඹට අහසට..
( ටික කාලෙකට උඩදී එක හුස්මට ආසාවෙන් කියවපු පොත ගැන එවෙලම හිතට ආව සිතුවිල්ලකි )


Asantha K Umagiliya සහෝදරයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පල කරන ලද ලිපියකි...