අන්ධකාර තාරකාව

කරුණාදාස සූරියආරච්චි මහතාගේ "අන්ධකාර තාරකාව" කියෙව්වා.මේකෙ තියෙන්නෙ පියෙකුත් දුවෙකුත් අතර තියෙන තද බැඳීම පිළිබඳව අධ්‍යාත්මික පැත්තෙන් බැලීමක්.මුල හරියේ ටිකක් කම්මැලි හිතුනට කතාව දිග ඇරෙනකොට කම්මැලි ගතිය ඉබේම නැති වෙලා යනවා.රචනා ශෛල්‍යය ටිකක් විතර සංකීර්ණයි කියලයි මට නම් හිතෙන්නේ..මොනවා උනත් ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන් විදිහේ කතාවක්.

''මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබෙයි.ඒ අනුව ''පිටස්තරයා'' සහ ''අවජාතකයා'' යන වචන අවලංගු වී යා යුතුය.මිනිසුන් අතර සිටින්නේ... මිනිසුන්ම මිසක පිටස්තරයෝ හෝ අවජාතකයෝ නොවෙති "
-----------------------------------------------------------
''අන්ධකාර තාරකාව''
කරුණාදාස සූරියආරච්චි
මිල 300/=
                                                                                                     දයාවංශ ජයකොඩි සහ සමාගම


මෙම ලිපිය Asith Kulatunge ‎ සහෝදරයා විසින් සකස්කරන ලද්දකි.... ලිපියේ සියළුම අයිතීන් ඔහු සතුයි...

No comments:

Post a Comment