විල්ලරවාඩිය



විල්ලරවාඩිය කියවලා ඉවර කළා. රුක්‍ෂිලා අක්කා කියපු නිසයි ඒක ඉක්මනින් කියවන්න ගත්තෙ.

ගමක උපතක් සිදු වීම හා ඒ හා බැඳුණු අවශේෂ සිද්ධීන මහ තොගයක් මේ පොතේ තියෙනවා. ගමක උපතක් සිදුවීම ගැන මං පුදුම තරම් ආසාවෙන් කියවපු සහ රසවත් පොතක් තමයි මිනිවන් පී තිලකරත්න මහත්තයා ලියපු ‘ගමක වත’. ගමක් ඉපදීමේ සිට පරිනාමය වන ආකාරය ඉතාමත් රසවත්ව ඒ පොතේ තියෙනවා.

සිංහල කතෝලිකයන් ගැන සහ ඔවුන්ගේ සිරිත් විරිත් ගැන ලියවුණු පොත පත අඩු බවත්, ඒ අඩුව පිරවීමට ලියූ පොතක් බවට වන හැඟවුම් වාක්‍යයක් මේ පොතේ පෙරවදනේ එනවා.

මට දැනෙන විදියට මේ පොතේ චරිත වැඩියි. අපට භාවිතයට නුහුරු නම් නොවුණත්, ඉංගිරිසි සම්භවයක් ඇති නම් මහ ගොඩක් එකට හැප්පෙද්දි ඒ නම් අතර අතරමං වීමක් සිද්ද වෙනවා මිසක් ඒවායින් පොතට ලැබුණු එළියක් මට පෙණුනෙ නෑ. චරිත මහ ගොඩක් තිබීම තුළින් ඒ චරිතය යම් තැනකදි යට ගිහිං, නැවත උඩ එන විටද ඒ චරිතය මතක් කර ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට මං මුහුණ පෑවා.

රුක්‍ෂිලා අක්කා කිව්වා ඊළඟ පොතට මේකෙ පවුල් ගහ ඇදලා දාන බවක්. ඒක නම් සෑහෙන්න ප‍්‍රයෝජනවත් වේවි.

මේකට දේශපාලනය ඈදලා ගත්තෙ මොන දේකටද කියලා මට තේරෙන්නෙ නෑ. අපි කවුරුත් දන්න අතීත දේශපාලන කාරනා ටිකක් ඒ විදියටම මේ පොතට දාලා තියෙනවා. ඒ දේශපාලන කතා වලට ගියපු ඉඩ සාමාන්‍ය කතාව


ට ඉතිරි කරා නම් මීට වඩා කියවන්න දෙයක් තියෙන්න තිබුණා. අවංකවම මං ඒ දේශපාලන කතාව තියෙන පිටු ඇර ඇරයි කියෙව්වෙ. ලංකාවේ අතීත දේශපාලනය නොදන්න කෙනෙකුට උනත් ඒ දේශපාලන කතා ටික ඉන්ටෙ‍්‍රස්ට් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.

පොත කියවලා ඉවර උනාම මට හිතුනෙ අනේ මන්දා කියලා. භාවිතයේ සුලභව නොඇසෙන කතෝලික ජනයා අතර භාවිතා වන වචන කීපයක් මං මේ පොතින් දැන ගත්තා. ඒ තමයි මං මේ පොතින් ගත්ත දේ.

තව කියවපු අය ඉන්නව නම් මේක ගැනත් කතා කරමු.

මෙම ලිපිය Dimuthu TennakÒÓnසහෝදරයා විසින් සකස්කරන ලද්දකි.... ලිපියේ සියළුම අයිතීන් ඔහු සතුයි...

No comments:

Post a Comment