අවසන් විසඳුම

නම - අවසන් විසඳුම
කතෘ - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2008
මා සතු පිටපතේ මිල- රු 600/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 978-955-573-798-2


1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය ලෙස සැලකේ.එම පාලනය තුල යුදෙව්වන්,ආර්ය නොවන ජාතීන් විරුද්ධවාදීන් මර්ධනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්,ආක්‍රමණය කර අත්පත් කරගත් රාජ්‍යන්හීත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුල සිරගත කල අතර යුදෙවුවන් සිරගත කල අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් ජාතීන් මිලියන පහක් එස්.එස් හමුදා විසින් ඝාතණය කෙරිණි.මෙහි ඇතුලත් වන්නේ එසේ සිරගත වූවන්ගේ ජීවිත පිළිබඳ සත්‍ය කතාන්දරයයි.
මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන්හි තැන්පත්ව ඇති ලිපි ලේඛණද,තුන්වන රයිෂය හා නට්සි පාලනය ගැන ලියැවුනු විවිධ පොතපත හා දුර්ලභ ලිපිලේඛණද රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.
*** දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් මම කියවපු පොත් අතරින් ඉතා විශිෂ්ඨ පොතක් මේක. පොතේ අන්තර්ගතය ගත්තම මේ කරුණු රැස් කරගන්න කතෘ විසින් දරපු වෙහෙස සහ කැප කිරීම අගය කල යුතුයි.දෙවන ලෝක යුද්ධය පිලිබඳව හදාරන , ලෝක යුද්ධය පිලිබඳව කියවන්න කැමති හැමෝටම විශාල දැණුම සම්භාරයක් ලබාගත හැකි පොතක්.

සටහන - හිරුණ දියමන්ත

1 comment: