බිලියනර් ජෝ


සල්ලි තියෙනවනං ඔක්කොම හරිද?... සල්ලි තියන මිනිස්සු සතුටින් ඉන්නවද?..... ඇත්තටම ජීවිතේ කියන්න සල්ලි හොයල සැප විදින එකද? .... සල්ලි කාරයොන්ට ප්රුශ්න නැද්ද? බිලියනර් ජෝ මේ හැම දේටම උත්තර හොයල දෙයි! කතාවෙ ප්ර ධාන චරිතය වන ජෝ උපතින්ම බිලියන පතියෙක්.. ඔයාලට හිතාගන්නවත් බැරි සල්ලි කන්දරාවක් තියන සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්න කොල්ලෙක්.. එයා යන්නෙ රාජකීයන් යන ඉස්කෝලෙකට.. කන්නෙ මිල අධිකම කෑම.. ගමන බිමන රෝල්ස් රොයිස් කාර් හෙලිකොප්ටර් වලන්.. ඒත් එයාට එක යාළුවෙක් වත් නෑ.. එයා ඒ හින්දම ගමේ තියන දුප්පත් පාසලකට ඇතුල්වෙනව එයාගෙ අනන්යයතාව හංගලා සාමාන්යම ලමයෙක් විදියට.. සල්ලිකාර ජෝ දුප්පත් ලමයි එක්ක කොහොමද මිතුරු වෙන්නෙ.. ජෝගෙ තාත්ත එයාගෙ සල්ලි වලින් ජෝව කොහොමද සතුටු කරන්නෙ.... ජෝ ලොකු සල්ලිකාරයෙක් කියල එයාගෙ යාළුවො ඉස්කෝලෙ ටීචල දැනගත්තාම කොහොම ප්රුතිචාරයක් දක්වයිද? මේ වගේ ගෙඩක් ප්රකශ්න පොත කියවනකොට ඔයාලට හම්බවෙයි! ඒවට පිළිතුරුත් මේ පොතෙන්ම ලැබෙනව! ජෝ කියන මේ පුංචි ගැටයගෙ කතාවෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව .. මේ පොත ලියල තියන්නෙ එංගලන්තයේ ප්රගසිද්ධ ළමා කතුවරයෙක් වන ඩේවිඩ් විලියම්ස්..එයාගෙ කලින් පොත් දෙකක් සිංහලට පරිවර්තනය උනා ඒ Mr Stink කියන පොත දුගද මාම නමින් කත්යා නා අමරසිංහ මහත්මිය අතිනුත්, The Boy in the Dress කියන පොත ගවුම් ඇන්ද ඩෙනිස් නමින් උපාලි උබයසේකර මහත්මා අතින්. ඒ පොත් කියවපු අයට ඩේවිඩ් ගෙ ලේඛන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ! ඒ වගේම මේ පොත සිංහලට පරිවර්තනය වෙන්නෙ ලංකාවෙ ඉන්න ප්රමවීන පරිවර්තකයෙක් වන උපාලි උබයසේකර මහතා අතින් ඔහු විසින් කලින් පරිවර්තනය කරපු මැටිල්ඩා, ළදරු වියේ කතා, ගවුම් ඇන්ද ඩෙනිස් වගේ පොත් වල තියන සරල වගේම හාස්යන ජනක භාෂා හැසිරවීම මේ පොතෙත් දකින්නට තියනව. ඒ වගේම උපාලි උබයසේකරයන් මුල් කෘතියට උපරිම සාධාරණයක් කර ඇති බවත් පේන්න තියනව... සල්ලි පස්සෙ එලවන තාත්තලාට.... සල්ලි මිටි බැදගෙන එකතු කරන අම්මලාට.... සල්ලි ඉල්ලලා වද කරල සැප විදින්න හදන අයියලා අක්කලාට කියවන්න දෙන්න හොදම පොතක්! ඒ විතරක් නෙවෙයි පුංචි හැමෝටම වටිනා ආදර්ශ රැසක් ගන්න පුලුවන් වටිනා නිර්මාණයක්... බාල / මහළු / තරුණ කොයි කාටත් කියවල එකසේ රස විදින්න පුලුවන් ආදර්ශමත් කතාවක්.. මේකට ඔයා වියදම් කරන මුදල අපතේ යන්නෙ නෑ සහතිකයි! ... හිනාවෙන් විනෝදෙන් ඉන්න ආස අය කියවන්න....බිලියනර් ජෝ!
නම - බිලියනර් ජෝ
කතෘ - ඩේවිඩ් විලියම්ස් (බ්රි තාන්යස)
පරිවර්තනය - උපාලි උබයසේකර
වර්ගය - ළමා කතා / හාස්යඅ
ප්රගකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම,61,63 පූජ්ය් හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමි මාවත,(මාලිගා කන්ද පාර) මරදාන - කොළඹ 10.
පොතේ මිල - රු 320/=
මා සතු පිටපතේ මුද්රිණ වර්ශය - 2012
ISBN – 978-955-570-651-3

රාගිනි

මා රාගිනියට පෙම් බදීදැයි සිතේ..
මේ වදන් පෙල දැකිත්ම ශ්‍රීනිවාසන්ට මෙන්ම මටද පිස්සුයැයි ඔබ සිතනවා විය හැකිය.. ඇය යකින්නකි.. එය සත්‍යකි.. නමුදූ ඈ මනුශ්‍ය හදවතකටත් එහා ගිය ප්‍රේමයක් පිරූ යකින්නකි.. එය බොහෝ දෙනෙක් පිළිගනීදැයි මා නොදනිමි.. එහෙත් මගේ හිත එය පිළිගැනීමට සූදානම්ය.. එහෙයින් මගේ සිතේ රාගිනියට ආදරයක් ඇති වීම පුදුමයක්යැයි මා නොසිතමි.. යකින්නක් වුව, ඇගේ ගතිපැවතුම් මගේ හිතේ විශේෂ තැනක් ගැනීමට සමත් වූ බව කිව යුතුමය.. ඒ ගතිගුණ බොහෝ කල් සිටම මා සෙවූ ඒවාදැයි සිතෙන තරමටම ඈ මගේ සිත තුලට කා වැදී ඇත..
ඈ රූමත් විය හැක.. එහෙත් අකුරු අතරේ මවන්නට උත්සාහ කල ඒ රූමත් කම මාහට එතරම්ම ඉස්මතුව නොපෙනින.. ඒ ඇයිදැයි මා නොදනිමි.. ඒ ගැන සිතන්නටද මම කාලය වැය නොකරමි.. විරූපීයැයි හැමෝම සිතූ ඔහුට පෙම් කරන්නට සිතූ ඇගේ සිතේ රූමත් බව විනා ඇගේ පෙනුම කෙබදුදැයි සිතීම නිශ්පලයැයි සිතේ.. නමුදු ඇය යකින්නකි.. ඇගේ ශාපයෙන් මිදෙන්නට ආ යකින්නකි..
මට තවත් රාගිනි තුලට එබෙන්නට ඇත්නම් යැයි සිතේ.. ඒ බොහෝ තැන් වලදී ඈ තුලින් මට මාවම කතාව තුලට ගෙන ඒමට හැකියාව ලැබූ හෙයිනි.. එය කොතරම් සාර්ථකදැයි මා නොදනිමි.. එහෙත් එසේ කරනට මා කිසිසේත්ම පසුබට නොවූවෙමි.. එහෙත් මා තුලින් වඩාත් ඉස්මතුවූයේ ශ්‍රීනිවාසන්යැයි සිතීම වඩාත් සුදුසුය.. සැකය හැරෙන්නට අනික් සෑම අතකින්ම මා ඔහුට සමානය.. එහෙයින් මට රාගිනියට පෙම් කිරීමට අයිතියක් ඇත.. මා ඇයට පෙම් කරමි.. ඇය යක්ෂණියකි.. ඒ මා හැරුණු කොට සිටිනා අනික් ලෝකයාට පමනී..
පලු ගසේ සංගීතය ගැන මා දන්නා මුත් එය ගැන කතා කිරීමට මට සිත් නොදේ.. එය හුදෙක් අතීතයක් පමණක්මය.. එහෙයින් මා එය අමතක කරලන්නට උත්සාහ දරමි.. බොහෝ දුරකට මා ඊට සමත් වන මුත් අසමත් වන අවස්ථාද නැතැයි කීම මුසාවකි.. යඟදාවකින් වැරෙන් ඔළුවට ගසන්නාක් මෙන් මොහොතකින් හැම දෙයක්ම මොළය පුරා දිවුවද නෙතු ලගට එන නුඹ ඒ හැමදෙයක්ම මගෙන් අරගෙන මා සතපවන්නේ දෙවඟනක් මෙන්ය.. එය මායාවක්ද මා නොදනිමි.. නමුදු මා එයට පෙම් කරමි.. ඒ සැනසුමට පෙම් කරමි..
රාගිනිය තුල වූ සියුම් හදවත මා දැකීමට උත්සාහ කරමි.. එය අන් කාටවත් නොපෙනන බව මා දනිමි.. අන් හැමෝටම ඈ දෙපා පොළව මත නොගැටෙන තැනැත්තියක වුවද මට ඉන් පලක් නැත.. ඇයට පෙම් කරනුයේ මා පමනකි.. ඇය පෙම්කරන්නේද මට පමනකි.. එය ඇයද හොදින්ම දැන සිටින්නීය.. පලු ගසේ සංගීතයට එහා ගිය සොදුරු මිහිරි කවිකමක් ඈ මා තුලින් විදිමින් සිටින්නීය.. ඇය හුදී ලෝකයාට නොපෙනෙන බව දැන ගැනීමට ගෙවුන කාලය ප්‍රමාණවත්ය.. ඔවුනට මගේ විරූපි බව ගැටළුවක්ය.. පලු ගසේ සංගීතය අතරින් මා මරන්නැයි අනේක විට කීවද එය නොඇසෙන සේ හිදීමට තරම්ම නුඹ වෙනස් වී ඇත.. නුඹ මා හා පෙමින් වෙලී ඇත..
මාද එසේමය.. එහෙත් එක් වෙනසක් ඇති බව පිළිගතම යුත්තේය.. සපුරන්නට ආසාවෙන් බොහෝ කල් බලා හිදි එක් පැතුමක් නිතර හිත පාරවන්නේය.. එය නුඹට තේරුම් ගත් හැකිදැයි මා නොදනිමි.. එසේ වීනම් මා සතුටින් ඉපිලෙන තරම නුඹටද සිතාගත නොහැකිය.. නමුදු එය එසේ නැත.. නුඹට මා සිත කියවන්නට නොහැක.. ආත්මයේ සිට දවාගෙන මුළු ගතම පෙලන ඒ හැගීම නුඹට කෙදිනක හෝ නොහැගෙනු ඇත.. මා සැබවින්ම දැවේ.. එහෙත් එය යටපත්කරනු විනා කල හැක්කක් මා නොදනිමි.. ඒ මා නුඹට පෙම් කරන බැවිනි..
මනසේ සුන්දරත්වයට පෙම් කල යුතු බව මා සිතට කා වැදුන දින සිටම මා දැවෙන ගින්න යටපත් කිරීමට මා බොහෝ උත්සාහ කලෙමි.. අවසානයේ මා සාර්ථක වීමී.. එහෙත් අවසානයේ මා නුඹ ලග අසාර්ථක වන විට යටපත් කර ගත් ගින්නෙහිම මා තව තවත් දැවෙන බව මා හොදින්ම දන්නෙමි.. එහෙත් එය නුඹට නොවැටහෙනු ඇත.. එය එසේ වේනම් මා සතුටු වෙමි.. මන්දයත් මා නුඹට පෙම් කරමි.. සැබවින්ම පෙම් කරමි.. නුඹ යක්ශියක නොවන බව මා ස්තීරවම දන්නේය.. එය අන් අයට තේරුම් කිරීමට මා හට කිසිදු උනන්දුවක් නැත්තේය.. රහසේම මා නුඹට පෙම් කරමි.. සදා නොවෙනස්ව මා නුඹට පෙම් කරමි..
රාගිනිය,
ම්රුදු මොලොක් සිත්වලට
ආදරය තවරා පල කිම.
වැරෙන් මුගුරු අරගෙන
නුඹ නසන්නට
උන් එනකොට..
සගවමු සත්‍ය
අදුරු ගල් ගුහාවක
පන්සක වසරක පෙම
ලියමු ගලන දිය මත
හිස් වුන හදවතට මට
ඉඩ දෙන්න කාව්‍යක් ලියන්න..
නුඹ දෙපා ගැටේවි
යලිදු මේ පොළව මත
ප්‍රේමය හැරදා නොයාවි
ගෙවුන සක වසර තරමට
ඉඩ නොදෙමි මම පාව යන්නට
දුම් වළාවක්ව නුඹට අහසට..
( ටික කාලෙකට උඩදී එක හුස්මට ආසාවෙන් කියවපු පොත ගැන එවෙලම හිතට ආව සිතුවිල්ලකි )


Asantha K Umagiliya සහෝදරයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පල කරන ලද ලිපියකි...

පැන් කෙණ්ඩිය පම්පෝරියක් විතරයි! (විචාරය)




පැන් කෙණ්ඩිය පම්පෝරියක් විතරයි!
දිනමිණ ජුලි 01 2015

චම්මින්ද වෙලගෙදර මහතාගේ අභිනව ප්‍රබන්ධය ‘පැන් කෙණ්ඩියක්’ යනුවෙන් නම් කර තිබේ. වරෙක එය යොවුන් නවකතාවකට සමීප වෙයි. කර්තෘ ස්වකීය ළමා විය හා යොවුන්විය මේ කතාවට විෂයය කරගන්නා බැවිනි. තව වරෙක මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “මඩොල් දූව” අප සිහියට නැ‍ඟේ. ඊට සමාන ආකෘතියක් මෙහි භාවිත බැවිනි. තවත් වරෙක එය චරිත කතාවක ලක්ෂණ ප්‍රකට කරයි. කථකයා තමන්ගේ ම අත්දැකීම් ඒ අයුරින් ම වාර්තා කරන බැවිනි.
චම්මින්ද වෙලගෙදර මහතා නූතන ප්‍රබන්ධ කථාවේ ශිල්පීය ලක්ෂණ මුළුමනින් ම පාහේ අමතක කොට; කතාන්දරයක විලාසයකින් තම කතාව කියාගෙන යයි. ඇතැම් විට පැරැණි චාරිත්‍ර හා සම්ප්‍රදායයන් විස්තර කිරීම සඳහා විශාල ඉඩක් වෙන් කරයි. කුතුහලය දනවන කතාවක් එහි නැත. ගැටුමක් ද නැත. එහෙත් අතීත කාමයක් ඇත. කර්තෘ පෙරවදනෙහි ලා එය දක්වා ඇත්තේ මේ අයුරින් ය.
“මා විඳි මගේ සුන්දර බාල විය මගේ දරු මුණුබුරන්ට විඳින්නට ඉඩ ලැබුණේ ද, ලැබෙන්නේ ද යන්න ඒ කෙනිත්තිල්ලයි. එය මගේ දරු මුණුබුරන්ට පමණක් නොව; මේ රටේ සියලුම දරු මුණුබුරන්ට පොදු වූ න්‍යායයක් බවට පත් ව ඇත.”
චම්මින්ද වෙලගෙදර“එහි දී වැඩිහිටියකු ලෙසින් මා කුමක් කළ යුතු ද? ආපසු හැරී බලන කල මහා ශක්තියක්, අපේකමත් දෙන ඒ අත්දැකීම් ඔවුන්ට කියවීමට හෝ දීමට ලැබේ නම්, එය යහපතක් නො වේ ද? අද ඉතා කාර්යබහුල යාන්ත්‍රික සමාජ සත්ත්වයකු වෙමින් සිටින ඔවුන්ට මෙවැන්නක් විඳීමේ කාල පරාසයක් හෝ මානසික ඉසිඹුවක් හෝ අභිරුචියක් වෙත් ද?’
(මගේ කියවීම)
තලතුනා වයසේ පසුවන මහත්වරුන් නඟන පොදු තර්කයක් මේ කර්තෘවරයා ද ගෙනහැර දක්වයි. එනම්; අතීතය සන්සුන් ය. වර්තමානය යාන්ත්‍රික ය. අතීතය ඉතා සුන්දර ය. වර්තමානය අතිශය කටුක ය. අතීතය ශික්ෂාකාමී ය. වර්තමානය අශික්ෂිත ය. අතීතය මුදලට යට වූයේ නැත. වර්තමානය මුදලට යට වී ඇත. මේ අඩු - වැඩිය චම්මින්දගේ මල්ලෙහි තිබේ. ඉතිහාසය නිරූපණය කිරීම හා ඉතිහාසයෙන් පාඩම් උකහා ගැනීම නරක නැත. එය එක්තරා විලාසයෙකි. එහෙත් අතීත - කාමයට ගැතිවීම වෙනත් විලාසයෙකි. සමාජ පරිවර්තනය නොරුස්නා ග්‍රාම්‍ය ගතියක් එහි පවතී. නූතන පරපුරේ තාක්ෂණික භාවිතය හා විලාසිතා දෙස ඉවසී‍ෙමන් බැලීමක් වැඩිහිටියන් තුළ නැත. කර්තෘ ද ඒ ගණයට අයත් පුද්ගලයෙකි. “ නුඹලා පොතකින් හෝ අපේ අතීතය විඳපල්ලා! එය අති විශිෂ්ට යි’, යනුවෙන් චම්මින් ද නූතන පරපුරට ඇඟිල්ලෙන් අනියි. එහෙත් අපගේ අත්දැකීමට අනුව නූතන තරුණ පරම්පරාව පොත් කියවන්නේ නැත. මෙබඳු පොත් කොහොමටවත් කියවන්නේ නැත.
චම්මින්ද රචනා කර ඇත්තේ නවකතාවක් නොවේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහි නවකාවක ලක්ෂණ නැත. ඔහු තමාගේ අතීත පම්පෝරිය විදහා දක්වන කතාන්දරයක් කියාගෙන යයි. එය බොහෝ විට නීරස ය. ආකර්ෂණයෙන් තොර ය. කියැවීම වෙහෙසකර ය.
නවකතාව කතාන්දරයෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණ ගණනාවක් තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ නිරූපණය, ආකෘතිය හා සන්දර්භය යි. කතාන්දරය කිසියම් සිදුවීම් මාලාවක් විස්තර කරන අතර නවකතාව තෝරාගත් ප්‍රබල සිද්ධි නිරූපණය කර පෙන්වයි. හෙවත් ජීවමාන කර දක්වයි. කතාන්දරයකට වඩා නවකතාවකින් හැඟීම් දැනවීමක් අපේක්ෂා කරයි. එලෙස ම නවකතාව ජීවිතය පිළිබඳ හැඳෑරීමක් හා ජීවිතය පිළිබඳ ගැඹුරු කියැවීමක් ලෙස ද සලකති. ආකෘතිය අතින් ගත් කල කතාන්දරයෙහි ඇත්තේ මුල - මැද - අග සම්බන්ධයක් සහිත ක්‍රමික විකාශයෙකි. නූතන නවකතාව එවැන්නක් අපේක්ෂා කරන්නේ නැත. සන්දර්භය හා අන්තර්ගතය අතින් ගත් කළ නවකතාව පුද්ගල ජීවිතය විශ්ලේෂණය කරයි. සමාජය වි‍ශ්ලේෂණය කරයි. එහි ඇත්තේ ගැඹුරකි. පාඨකයා නවකතාවෙන් සියුම් රසවින්දනයක් ගැඹුරු ජීවිතාවබෝධයක් මෙන් ම දැනුම් සම්භාරයක් ද ලබයි. විශේෂයෙන් සාර්ථක නවකතාවකින් පාඨකයාගේ වින්දනය හා චින්තනය දියුණු කරයි. කතාන්දරය ඇත්තේ ඊට වඩා සරල හා ප්‍රාථමික තැනක ය. චම්මින්දගේ ප්‍රබන්ධය කතාන්දරයකින් ඔබ්බට ගමන් කරන්නේ නැත.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි - කෝණයෙන් රචනා වී ඇති මේ ප්‍රබන්ධය කර්තෘගේ ළමා අවදිය හා යොවුන් අවදිය විස්තර කරයි. අර්ධ -වියළි ප්‍රදේශයක ගමක් මූලික කොට කතාන්දරය දිග හැරෙයි. කථකයා පිළිබඳ අනවශ්‍ය විස්තර රාශියක් එහි තිබේ. ගමට වැඩි වශයෙන් බලපාන දේශගුණය කර්තෘගේ අවධානයට ලක් ව තිබේ. වර්ෂා කාලය හා වියළි කාලයත් (නියඟය) කර්තෘ විස්තර කරයි. එහෙත් පරිසරයේ වෙනස්වීමේ ඒ - ඒ චරිතවලට බලපාන ආකාරය සියුම් ලෙස චිත්‍රණය කිරීමට කතුවරයා උත්සාහ කරන්නේ නැත.
“ ඊට මාස ගාණකට පස්සේ තමා ඉඩම් වලට අවසරේ ආවේ. හා හා පුරා කියලා ගමේ ඇත්තෝ කැලේ එළිපෙහෙළි කරන්ඩ යන්න ඉස්සරින් පන්සලේ ලොකු පින්කමක් වාගේ. කැවුම්, කිරිබත් උයලා ලොකු හාමුදුරුවො ඔක්කෝටම පිරිත් කිව්ව. කට්ටියම ගියේ බයිසිකල්වල. හැම බයිසිකලේම පොරවයි,කැත්තයි, පිහියයි ගානේ. කැති පිහියා අලුතින් මුවහත්තියල උදේ හිරු එළියට දිලිසෙනවා. බයිසිකල් නැති අය හීං හිමිදිරියෙම පයින් ම ගිහිල්ලලු.”
(පිටුව 120)
කර්තෘගේ අදහස වන්නේ පාඨකයා ගම ගැනත් ගමේ සංස්කෘතිය ගැනත් කිසිවක්ම දන්නේ නැති බව ය. එබැවින් ඔහු සියල්ල විස්තර කරයි.
මේ ප්‍රබන්ධය ජනශ්‍රැති කේන්ද්‍ර කොටගත් ප්‍රබන්ධයක් ලෙස කෙනකු වැරැදි වැටහීමක් ඇති කර‍ගත හැකි ය. නූතන ලෝකය ජනශ්‍රැති අධ්‍යයනයෙහි ලා බලවත් උනන්දුවක් දක්වති. එය සංස්කෘතික අධ්‍යයනයට අයත් පුළුල් විෂය ක්ෂේත්‍රයෙකි. ජනශ්‍රැති ආශ්‍රයකොට ලියැවුණු අපූරු ප්‍රබන්ධවලට හොඳ ප්‍රතිචාර මෙන්ම හොඳ ඉල්ලුමක් ද තිබේ. අරාබි සංස්කෘතිය, අප්‍රිකානු සංස්කෘතිය හා ලතින් අමෙරිකානු සංස්කෘතිය මේ අයුරින් නව ප්‍රබන්ධවලට විෂය වී තිබේ. අරාබි ජනකවියක් ආශ්‍රය කොට ගෙතුනු අපූරු ප්‍රබන්ධයක් අප සිහියට නැඟේ. එය “Layla and Majnun” ය. මේ ප්‍රබන්ධය ලෝකය පුරා ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වේ. තවදුරටත් එය භාෂා විසි ගණනකට පරිවර්තනය වී ඇත. එය එක අතෙකින් ආදර වෘත්තාන්තයකි. තව අතෙකින් මනෝවිද්‍යාත්මක නවකතාවේ ලක්ෂණ ප්‍රකට කරන ප්‍රබන්ධයකි. ජනශ්‍රැති ආශ්‍රය කොට ලියැවුණු සාර්ථක නවකතා සිය ගණනක් ලෝක සාහිත්‍යය තුළින් උකගා ගත හැකි ය.
ජනශ්‍රැති ආශ්‍රය කිරීමට චම්මින්ද පෙලැඹී නැත. ඒ වෙනුවට ඔහු සිදු කර ඇත්තේ එක්තරා ගමක තත්කාලීන පසුබිම විස්තර කිරීම ය. ගම නවකතාකරුවන්ගේ ජනප්‍රිය විෂයයක් බවට පත්වූයේ 1960 ගණන්වල සිට ය. ගමෙන් නගරයට ප්‍රවේශ වන පුද්ගලයා විකාරකාරයකු හා වංක පුද්ගලයකු වන බව බොහෝ නවකතාකරුවන් කියා ඇත. රටේ උරුමය හා සාංස්කෘතික හර පද්ධතිය ඇත්තේ ගැමි සමාජය හෙවත් ගම තුළ පමණකැ’යි සමහරුන් කියා ඇත. ශ්‍රී ලංකාවට අනන්‍ය පෞරුෂයකින් යුතු මහා චරිත බිහි වන්නේ ගම ආශ්‍රය කිරීමෙන් පමණකැ’යි තව සමහරුන් කියා ඇත. ගම ශ්‍රී ලංකාවේ මූලය බව ද ගම නාගරීකරණයට පත්වීමෙන් රට විනාශ වන බව ද තවත් සමරුන් කියා ඇත. මේ සියල්ල බේගල්ය. ඔවුන් තම සිතැඟි ප්‍රකාශයට පත් කර ඇත්තේ නැවත විමසා බැලීමකින් තොරව ය. ගම හුවා දැක්වීමෙන් සිදුවන වාසිය කුමක්දැ’යි නිශ්චිතවම කිව නො හැකි ය. එහෙත් එය මෝස්තරයක් ලෙස දිගින් - දිගට ම පැවැතිණි. චම්මින්දගේ‍ මේ නව කතාව ද එහි ප්‍රතිඵලයෙකි.
“පැන් කෙණ්ඩිය” නම් ප්‍රබන්ධය නවකතාවක් ලෙස සලකන්නට පුළුවන්කමක් නැත. එහෙත් එය ගම හා නිදහසින් පසු ග්‍රාමීය සමාජය විශ්ලේෂණය කරන කෙනකුට යම් අයුරකින් ප්‍රයෝජනවත් විය හැකි ය. එය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විහිද යයි.
(I) ප්‍රාදේශීය භාෂා ප්‍රයෝග අධ්‍යයනය කිරීම
(II) වී ගොවිතැන හා‍ හේන් ගොවිතැන පිළිබඳ ඥානයක් ලබා ගැනීම
(III) ගැමි දරුවන්ගේ කෙළිලොල් ජීවිතය වටහා ගැනීම
(IV) මා-පිය, දූ -දරු සබඳතා ග්‍රාමීය සංස්කෘතිය තුළ වටහා ගැනීම
එක අතෙකින් බලන විට චම්මින්ද එළි දක්වන තොරතුරු නාගරික සමාජයට යම් ආධුනික බවක් තිබෙන්නටත් පුළුවන. එහෙත් සමස්තයක් ලෙස ගන්නා කළ සිංහල පාඨකයා ගම නොදන්නා කෙනකු ලෙස සැලැකිය නො හැකිය. කුමක් වුව “පැන් ‍කෙණ්ඩිය” ප්‍රබන්ධ තුළ විශාල තොරතුරු සමූහයක් ද තිබේ. එය බොහෝ දෙනකුට ගම අධ්‍යයනය කිරීමට වැදගත් වන්නටත් පුළුවන. ඒ හැරෙන්නට නවකතාවකින් ලැබෙන ප්‍රහර්ශය හෝ ගැඹුරු ජීවිතාවබෝධය මේ ප්‍රබන්ධයෙන් ල‍ැබෙන්නේ නැත.
රන්ජන් අමරරත්න
-සමන් නන්දලාල් මහත්මයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පලකරන ලදී-

මැදි වහරෙන් තෝරාගත යුතු අපේ වහර

මැදි වහරෙන් තෝරාගත යුතු අපේ වහර

දිනමිණ ජුලි 06 2015
බද්දර මල්ල - පොතකින් පෙත්තක්
අජිත් තිලකසේන කෙටිකතා, සංයුක්ත කවි ලියන නිර්මාණශීලි ලේඛකයෙක් විතරක් නෙමෙයි, සිංහල භාෂාවේ නවීකරණය ‍උදෙසා ද තීරණාත්මකව පෙනී සිටින්නෙක්. ඔහු මේ සම්බන්ධයෙන් දරන අදහස්, ආකල්ප ඔහු ලියා පළකර ඇති පොත් කීපයකටම ඇතුළත්. ‘මැදි වහර’ (අත්පොත) ඔහුගේ එම මතිමතාන්තර මැනවින් හකුළුවා දක්වන පොතක් විදියටයි මම දකින්නේ.
භාෂා නවීකරණය සම්බන්ධයෙන් අජිත් දක්වන මතවාද සරල වශයෙන් ගත්තම අංශ තුනකින් යුතුව විග්‍රහ කරන්න පුළුවන්.
න - ණ, ල - ළ බැහැර කිරීම. ඇත්තටම අද අපිට න - ණ, ල - ළ භේදයක් අවශ්‍ය නැහැ. එයින් එකක් (න/ල) අනුගමනය කිරීම ප්‍රමාණවත්ය කියන එකයි මගෙත් හැඟීම. අජිත් පවා ප්‍රායෝගික වශයෙන් න-ණ, ල-ළ භේදය තකන්නේ නැහැ. මහාචාර්ය සිරි ගුණසිංහත් මෙහිදී සිහිපත් කළ යුතු ලේඛකයෙක්.
පුවත්පත් කලාවේදීන් වශයෙන් අපට තවදුරටත් න-ණ, ල-ළ භේදය රැකගන්නට සිදුවීම කනගාටුදායකයි. 1964 දී ‘සවස’ පත්‍රය ප්‍රතිපත්තිමය වශයෙන් න-ණ, ල-ළ භේදය නොතකා ලිපි පළකරන්නට ඉදිරිපත් වූ බවක් මා අසා තිබෙනවා. එදා මෙදා තුර ගෙවුණු කාලය අඩසියවසකට ආසන්නයි. ඒත් අපේ පුවත්පත් අදටත් ‘න-ණ, ල-ළ’ තැකීම මොනතරම් පසුගාමී තත්ත්වයක් ද යි සිතා බලන්න වටිනවා.
අජිත් ‘ෂ’ ‘ශ’ අතරින් භාෂා ව්‍යවහාරයට ගත්තේ තාලුජ ‘ශ’ යන්න පමණයි. ලංකාවේ ආදිම ශිලා ලේඛනවල පවා පොදුවේ භාවිතා වී ඇත්තේ තාලුජ ‘ශ’ යන්න පමණක් බව අජිත් පෙන්වා දෙනවා.
රේපය (‍ෙ), සඤ්ඤකය පවා සිංහල භාෂාවෙන් අයින් කළාට කිසි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.
අජිත් ඊළඟට අවධානය යොමු කරන්නේ පිලි හා හල්කිරීම කෙරෙහියි. එහි සමරූපතාවයක අවශ්‍යතාව ඔහු පෙන්වා දෙනවා. මෙය කාලීන අවශ්‍යතාවයක්. මීට ඉහත අවස්ථා දෙකකදී මෙම සමරූපීකරණය ක්‍රියාත්මක කරන්ට රජය සූදානම් වුවත් එය කඩාකප්පල් කෙරුණ. පළමුවැන්න 1956 දී සිංහල යතුරු ලියනය මුල්කරගෙන ක්‍රියාත්මක කරන්න ගියා. දෙවැන්න 1972 දී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යෙදූ වැඩපිළිවෙළ.
අජිත්ගේ තුන්වැනි මතවාදය තමයි ලේඛනය සඳහා කටවහර යොදා ගැනීම. (අජිත් තම ‘මැදි වහර’ පොතෙන් වැඩි අවධානයක් යොමුකරන්නෙත් මේ ගැනයි) අපේ භාෂාවේ ද්විරූපතාවයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ ගත් වහර හා කටවහර ලිඛිත බස හා කථික බස අජිත් යෝජනා කරන්නේ කටවහරෙන් ලියමු කියලයි. මෙය මීට ඉහත මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහාචාර්ය සිරි ගුණසිංහ, සිරිපාල ලීලාරත්න, සිරිල් බී. පෙරේරා වැනි විද්වතුන්, ලේඛකයන් අනුගමනය කළ රීතියක්. ඒත් අවාසනාවකට මෙන් එය පොදු භාවිතාවක් බවට පත්වුණේ නැහැ. ගත් වහරින් කතා කිරීම විහිළුවක් වන නිසා කටවහරින් ලිවීමට අප පෙලඹෙන්නේ නම් වටිනවා. (‍මම ආරම්භයේ ඉඳන්ම මේ තීරු ලිපිය ලියන්නෙත් කටවහරන්)
අපේ ලිඛිත බසේ අනවශ්‍ය ලිංග භේදයක් තිබෙනවා. මේක ඇත්තටම අනවශ්‍ය දෙයක්. භාෂාවට ලිංග භේදයක් අවශ්‍ය නැහැ. කටවහරින් ලියන්න ගත්තම මේ ලිංග භේදයක් ඉබේම අහෝසිවෙලා යනවා.
අපේ භාෂාවේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ව්‍යවහාරයේ ඇති වචන සම්මතයට නොගැනීම. සත්තු වත්තට ‘සතුන් වත්ත’ කීම වඩාත් ව්‍යක්ත බව මෝඩ භාෂාවේදීත් කියා සිටිනවා. දැනුවත් ‘දැනුම්වත්’ කිරීමත් රැජින ‘රැජන’ කිරීමත්, බිරිඳ ‘බිරිය’ කිරීමත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මෙයින් භාෂාවටත් කාටවත් වන සේවයක් නැහැ. භාෂාව අපිට (මනුස්සාට) ඕනෑ විදියට හසුරුවා ගන්නවා මිසක් භාෂාවට ඕනෑ විදියට අපි හැසිරිය යුතු නැහැ. ලෝකයේ හුඟක් රටවල භාෂා නවීකරණය වෙලා තියෙනවා, එසේම වෙමින් පවතිනවා. අපි තමයි ඒ සම්බන්ධයෙන් තවමත් පසුගාමි. අපි අපේ භාෂාව ‘සිදත් සඟරාව’ ලියැවුණු යුගයට ගෙනයනවා නම් ඒක ආපසු අතීතයට යන ගමනක්. මෙහිදී උත්ප්‍රාසයට තුඩුදෙන කාරණාවක් වන්නේ භාෂාව සම්බන්ධයෙන් ප්‍රගතිශීලී යැයි අප සිතා සිටින වියරණ ඇදුරන්, වාග් විද්‍යාඥයන් පවා තවමත් භාෂා නවීකරණයට අනුකූලතාවයක් නොදැක්වීමයි.
අජිත්ගේ ‘මැදිවහර’ අපට භාෂා විෂයෙහි මං හසර කියාදෙන අත්පොතක් වන්නේ මෙවන් පසුබිමක.
සුනිල් මිහිඳුකුල
pothakinpeththak@gmail.com

-සමන් නන්දලාල් මහත්මයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පලකරන ලදී-

සෝවියට් කෙටි කථා

සෝවියට් කෙටි කථා
අනුවාදය : පද්මහර්ෂ කුරණගේ
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN 978-955-652-460-4

අන්තර්ගතය
  • මැක්සිම් ගෝර්කි - මවගේ කතාව
  • ‍‍බොරීස් ගොර්බාතෝෆ් - කැකිරි දූපතේ දරු උපත
  • ඇලෙක්සි තොල්ස්තොයි - රුසියන් චරිතය
  • නීනා එමලියානවා - ආදරය
  • ඊගර් සබේලින් - සාක්කිකරුවන් නොමැතිව
  • ගෙනාදි කලිනෝව්සකි - කෙළෙහිගුණ නොදත් රෝගියා
  • මිහායිල් ෂෝලොහොෆ් - මිනිහෙකුගෙ ඉරණම
  • යූලියා ෂෙස්තකෝවා - ජීවමාන කොටියා
  • යූරි නගිබීන් - කමරොෆ්
  • කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි - කාලය

වැඩ බැරි දාස ගැන කතා


**** කුසුම් පුරයේ කුරුමිට්ටන්ගේ හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගැන කියවෙන අපූර්වතම කතා අහුර****
පොතේ නම - වැඩ බැරි දාස ගැන කතා
කතෘ - නිකොලායි නෝසව්
අනුවාදනය - දැදිගම .වී . රුද්රිනගූ 
ප්රවථම මුද්රැනය - 2004 - අප්රේිල්
ප්රවකාශනය සහ බෙදාහැරීම - කැටපත ප්රතකාශන , සුපිරි වෙළෙද සංකීර්ණය, කොළඹ 08.
ප්රවථම මුද්ර නයේ මිල - රු 150 /=
_________________________________________________
මෙන්න තවත් ලමා කාලයේ මිහිරි මතකයක්
වැඩ බැරි දාස ගැන කතා....
නිකොලායි නෝසව් විසින් ලියපු වැඩ බැරි දාසගෙ කතා ලොකු කුඩා කාටත් එකසේ රස විදින්න පුලුවන් කතා පොතක් ... නමුත් මේක ළමා කතාවක් ...කතා කීපයක එකතුවක් විදියට තියෙන මේ පොතේ ඉන්නෙ සාමාන්යව මිනිස්සු නම් නෙවෙයි වාමනයෝ... කැකිරි ගෙඩියක් විතර උස කට්ටියක්... මේ වාමනයෝ ජීවත් වෙන නගරය හරිම සුන්දරයි නගරයේ නම කුසුම් පුරය .. නම වගේම කතාවෙ එන විදියට මේ මුලු නගරයේම මල් වවල ලස්සන කරල.. පාරවල් එහෙමත් ඩේසි මාවත , සේපාලිකා මග වගේ මල් වලින්ම නම් කරල තියෙනව.... මේ පොතේ භාෂාව දරුවන්ට පහසුවෙන් චිත්ත රූප මැවෙන විදියෙ සරල වගේම හොද පසුබිම් විස්තරයක් සහිත භාෂාවක් කාටුන් බලන්න ඇබ්බැහිඋන දරුවෙක් පොත් කියවීමට යොමු කරන්න භාවිතා කරන්න පුලුවන් පොතක් විදියට දක්වන්න පුලුවන්... කුසුම් පුරයේ ඉන්න වාමනයො , වාමනියෝ (ගෑණු අය) ... මේ කතාන්දර සෙට් එකේ මීටරේ තමයි දක්ස පාල (අපි වගේ පොත පත කියවන කෙනෙක්) ..ඒ වගේම දොස්තර මහත්තයත්... ඒ වගේම කුසුම් පුරේ නව නිපැයුම්කරුවන් වන ඉස්කුරුප්පු බාස් සහ සහයක මුරිච්චියාත්... දඩයම් සේන සහ සුරතල් බුල්කා .. මී පැනි දාස ..චිත්ර් අදින “වර්ණ” , සංගීත වාදන කුසල් , කඩිනම් රාළ , දොඩවන්නා , නිහඩයා , බොත්තමා , අපායට යන්න හරි වැඩ බැරි දාසත් එක්ක එන ගුණේ වගේ සූර වීර දස්ස පිස්සු යාළු රැලක් එක්ක මොන වැඩේ කරත් ඇදගෙන නාගන්න වැඩ බැරි දාස මේ කතා මාලාවෙදි පාඨකයාට හමුවෙනව.. හරබර බරසාර කතා කියවල මනසට විඩාව දැනුන අයටත්... ලමා කතා ලෝලීන්ටත්... කුඩා දරුවන්ටත් එක හුස්මට කියවන්න පුලුවන් ...පිටුවක් පිටුවක් ගානෙ අපූරු ලෝකෙක ඇවිදින්න පුලුවන් කතාවක් කියල නොබියව කියන්න පුලුවන් අරගෙන කියවන්න.... ස්තූතියි!
සටහන - හිරුණ දියමන්ත

අවසන් විසඳුම

නම - අවසන් විසඳුම
කතෘ - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2008
මා සතු පිටපතේ මිල- රු 600/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 978-955-573-798-2


1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය ලෙස සැලකේ.එම පාලනය තුල යුදෙව්වන්,ආර්ය නොවන ජාතීන් විරුද්ධවාදීන් මර්ධනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්,ආක්‍රමණය කර අත්පත් කරගත් රාජ්‍යන්හීත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුල සිරගත කල අතර යුදෙවුවන් සිරගත කල අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් ජාතීන් මිලියන පහක් එස්.එස් හමුදා විසින් ඝාතණය කෙරිණි.මෙහි ඇතුලත් වන්නේ එසේ සිරගත වූවන්ගේ ජීවිත පිළිබඳ සත්‍ය කතාන්දරයයි.
මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන්හි තැන්පත්ව ඇති ලිපි ලේඛණද,තුන්වන රයිෂය හා නට්සි පාලනය ගැන ලියැවුනු විවිධ පොතපත හා දුර්ලභ ලිපිලේඛණද රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.
*** දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් මම කියවපු පොත් අතරින් ඉතා විශිෂ්ඨ පොතක් මේක. පොතේ අන්තර්ගතය ගත්තම මේ කරුණු රැස් කරගන්න කතෘ විසින් දරපු වෙහෙස සහ කැප කිරීම අගය කල යුතුයි.දෙවන ලෝක යුද්ධය පිලිබඳව හදාරන , ලෝක යුද්ධය පිලිබඳව කියවන්න කැමති හැමෝටම විශාල දැණුම සම්භාරයක් ලබාගත හැකි පොතක්.

සටහන - හිරුණ දියමන්ත

සැබෑ මිනිසෙකුගේ කතාවක්

නම - සැබෑ මිනිසෙකුගේ කතාවක්
කතෘ - බරිස් පලෙවොයි
පරිවර්තනය - දැදිගම . වී . රුද්‍රිගූ
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2012
මා සතු පිටපතේ මිල- රු 480/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 978-955-676-454-3
අලෙක්සේයි මරේසියෙව් නම් රුසියානු සෙබලා දෙවන ලෝක සංග්‍රාමයේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුධ සේනාංක හා සටන් වැදී සිදු වූ ගුවන් අනතුරකින් දෙපා අහිමි වූවෙකි. සතුරු වෙඩි පහරකින් තම ගුවන් යානය වනයට කඩාවැටීමෙන් අතරමංවන මොහු තම රිදුම් දෙන තුවාල වූ ඇට කටු බිඳී ගිය දෙපයත්, හිමෙන් වැසී ගිය කටුක දේශගුණික තත්වයත්, බඩගින්නක් , උසුලාගෙන සති දෙකකටත් වඩා කාලයක් තම සගයින් සොයමින් ගමන්ගනී. කැලේ සැගවුනු රුසියානු ගැමියන් පිරිසක් විසින් ඔහුගේ දිවි බේරා ප්‍රතිකාර සඳහා නැවත ගුවන් හමුදාවට බාරදෙන අතර රෝහලේදී ඔහුගේ දෙපා ඉවත් කිරීමටද සිදුවේ. මින් ඔහුගේ පියාසර සිහිනය බිඳවැටුනද රෝහලේ නේවාසික සගයින්ගේ දිරිමත් කිරීම් මත බොරු කකුල් හා දීර්ඝ කාලයක් වෙහෙසවී කල ව්‍යායාම හා පුහුණුවීම් වලින් අනතුරුව නැවතත් පියාසර කිරීමේ බලා පොරොත්තුව ඉටු කරගනී. එවකට රුසියානු ගුවන් හමුදාවේ පැවති යම් නිර්දේශයන්ටත් අභියෝගයක් වෙමින් මේ දෙපා නැති නියමුවා. දෙපා ඇති නියමුවන් හා කරට කර තරග කරමින් ඔවුන් අභිබවමින් දක්ෂකම් දක්වයි. කෙතරම් බාධක අභියෝග පැමිණියද , තමා අබ්බගාතයෙකු වුවද , ඉවසීම, කැපවීම,පුහුණුව,අධිෂ්ඨානය මතින් තම ජීවිතය ජය ගනී. රුසියානු ජනතාවගේ දේශප්‍රේමීත්වයද , රණකාමීත්වයද මැනවින් ප්‍රදර්ශණය කරන මෙම කෘතියෙන් ලාංකීය ජන සමාජයට බොහෝ දේ ඉගෙනීමට තිබේ. සත්‍ය කතාන්දරයක් වන මෙය ලොව වටා විවිධ භාෂා වලට පරිවර්තනය වූ ලෝකප්‍රකට සාහිත්‍ය නිර්මාණයකි. ජීවිතයේ කල නොහැකි යැයි සිතන දේ කරන්න. බාධකවලට , අභියෝග වලට මුහුණ දෙන්න ඉගෙනගන්න කියවන්න සැබෑ මිනිසෙකුගේ කතාවක්......
සටහන - හිරුණ දියමන්ත

අම්මා සහ මිහිකත

නම - අම්මා සහ මිහිකත
කතෘ - චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - දැදිගම . වී . රුද්‍රිගූ
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ
 මා සතු පිටපතේ මුද්‍රණය - 2013

මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේදී තම පුතුන් දෙදනා සහ සැමියා මිය ගිය, ගෙවි ලියක ගේ, බිරිඳක ගේ, මවක ගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.පොදු ජනයා අතර ඉතාම දිළිඳු මට්ටමේ සිට ඉහලට පැමිණි සාමාන්‍යය කිර්ගීස් කාන්තාවකගේ ආත්මීය ප්‍රකාශනයකි. යුද්ධයක් හේතුවෙන්  පීඩා විදින හමුදා සාමාජිකයන්ගේ පවුල් පිලිබඳවත්, යුද්ධයක් හමුවේ මහජනයා ගේ මානසික බිඳ වැටීමත් මැනවින් මෙම කෘතියෙන් ඉස්මතු කරයි. මෙහි ප්‍රධාන චරිතය තුලින් රුසියානුවන් ගේ උපතින් එන දේශානුරාගය පෙන්වයි. තම දරුවන්, තම සැමියා යුද බිමේදී මිය ගිය බවට එන පුවත් වලින් නොසැලෙන ඇය අහිමිවූ දෙයට වඩා හිමිවී ඇති දේ ආරක්ෂාකිරීමට උත්සුකවන සැබෑම මාතාවකි. ප්‍රකට රුසියානු ගත් කතුවරයෙකු වන චින්ගීස් අයිත්මාතව් ගේ කෘතියක්වන අම්මා සහ මිහිකත තුලින් දේශප්‍රේමියෙකුගේ රාගයද ගත් කතුවරයෙකුගේ කුසලතාවයද දැකිය හැකිය. මුළු මහත් සමාජීයය ජීවිතයද  වෙනස් කිරීමට සමත් වූ ජනතාවගේ වික්‍රමාන්විත ක්‍රියාදාමය ඉතා ශාස්ත්‍රීය අයුරින් විස්තර කරයි.


By - Hiruna Diyamantha

කවබත යසුනරි ගේ කෙටිකථා

- කවබත යසුනරි ගේ කෙටිකථා -
ISBN 978-955-671-867-6
පරිවර්තනය: මහාචාර්ය ආරිය රාජකරුණා
සරසවි ප්‍රකාශකයෝ

"පසුගිය සියවස තුල ජපානයේ පහල වූ අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු වන කවබත යසුනරි වනාහි ප්‍රධාන වශයෙන්ම නවකථාකරුවෙකු හා කෙටිකථාකරුවෙකි. මහා‍චාර්ය ආරිය රාජකරුණ විසින් සිංහල බසට පරිවර්තනය කෙරුණු ඔහුගේ කෙටිකථා දහයක් මෙම කෙටිකථා සංග්‍රහයට ඇතුලත් වේ. යථාර්ථ වාදි රීතිය තරමක් දුරට ය‍ටපත් කිරීම, කාව්‍යමය රීතිය ඉස්මතු කිරීම, කියන දැය අනුසාරයෙන් නොකියන දැය ඉස්මතු කිරීම ආදිය ඔහුගේ කෘතීන්හි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයකි. ඔහු තත්කාලීන යුරෝපීය සාහිත්‍යයේත් චිරන්තන ජපන් සාහිත්‍යයේත් ආභාසය ලබා තමාටම ආවේණික වූ කථා කලාවක් බිහි කිරීමට සමත් විය. ජපන් සංස්කෘතියේ හරය ඉතා සියුම් ලෙස නිරූපණය කෙරෙන කථා කලාවක් නිර්මාණය කිරීම අතින් දැක්වූ නිපුණත්වයට උපහාරයක් වශයෙන් 1968 දී ඔහු වෙත සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගය පිරිනැමිණ."

ධම්මපදය

- ධම්මපදය -
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ
ISBN 978-955-551-716-4
මුද්‍රණය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Rs.150.00

"ධම්මපදයේ ඇතුලත් වන්නේ “ගාථා” නම් ශෘස්තෘ ශෘසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශෘස්තෘ ශෘසනය නමින් හදුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂි ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනූව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයාහට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්ෂෘත් කළ හැකිය."

කෙලෙස් කුළ පාමුල

කෙලෙස් කුළ පාමුල 
කර්තෘ - පාලිත වර්ණකුලසූරිය

කතුවරයාගේ කුළුඳුල් නව කථාව වන මෙම කෘතිය කියවාගෙන යාමේදී මට ඇතිවුන ප්‍රධාන ගැටලුව නම්, මෙය කිනම් වර්ගීකරණයකට අයත් ද යන්නය.

ප්‍රේම වෘතාන්තයක්ද , දේශපාලනික වටපිටාවකින් යුතු පුවතක්ද , අභිරහස් රහස් පරීක්ෂක කතාවක්ද, පුනරුත්පත්තිය සහ ආගම පිලිබඳ දාර්ශණික ලිවීමක්ද ? මෙවැනි ප්‍රශ්නාර්ථ ගොන්නක් සමඟ මුලු පොතම දවසකින් කියවා නිම කළෙමි. ඊට ප්‍රධාන හේතු වූයේ මොන ව්‍යකූලත්වය මැද වුවද කතාවේ එන ප්‍රධාණ චරිත වලට අවසානයේ අයත් වන ඉරණම දැන ගැනීමට ඇති කුහුළත්, එය වඩ වඩාත් වර්ධනය වන ලෙස කතාව ලියා ඇති ආකරයත් යන කරුණුය.

මෙහි සඳහන් සිදුවීම්, කතා බහට ලක් විය යුතු කාලීණ කරුණුය. කෙසේ වුවද ඉහත සඳහන් මාතෘකා ගොන්න එකතු කර ගොතා ඇති වියමන එතරම් සාර්ථක නැත. එහෙත් කුලුඳුල් ප්‍රයත්නයක් නිසා , ඉදිරියේදී එම අඩු පාඩු වලින් තොරව රසවත් සහ හරවත් යමක් පාඨකයින්ට ලබා දීමට හැකියාවක් ඇති බව පෙන්නුම් කරයි.

පුනරුත්පත්තිය සහ කිතු දහම යන පරස්පර විරෝධී කියවීමකට මා ප්‍රථමයෙන් මුහුන දුන්නේ වෛද්‍ය බ්‍රයන් වයිස් (Dr.Brian Weiss) විසින් රචිත පොත පත ආශ්‍රයෙනි. බුද්ධ දර්ශණය සහ කිතු දහම පිලිබඳව කතුවරයා තම චරිත හරහා ඉදිරිපත් කරන නව අර්ථ කථනද සිත්ගන්නා සහ සාකච්ඡාවට බඳුන් කරන සුළුය. පුරාණ ප්‍රවාද (විශේෂයෙන් Nebuchadnezzar ගැන සඳහන් කිරීම ) ජාතක පොතෙ, බයිබලයේ සහ ජනප්‍රිය සාහිත්‍යයෙ එන කථාන්තර ඇතුලත් කිරීම වැනි සියල්ලෙන්ම වැටහී යන්නේ කතුවරයා බොහෝ දේ පිලිබඳ දැනුමෙන් පොහොසත් අයෙකු බවයි.

එහෙත් මේ පොතේ ලොකුම අඩුපාඩුවත් එයමයි. බොහෝ විස්තර රැසක් අනවශ්‍ය ලෙස කතාවට ඈඳා ගැනීමට ගොස් පැටළිලි සහගත ලිවීමක් පොත පුරාවටම ප්‍රදර්ශණය වේ.

අනෙක් ලොකුම කාරණාව නම් පොතෙ පිට කවරයයි. මෙහිදී කතුවරයාට සහ පාඨකයා යන දෙදෙනාටම වී ඇත්තෙ අවැඩකි. කවරයේ සිටින ගැහණු රූපයට රැවටී මල් හෝ වල් පොතක් යයි මිළදී ගන්නවුන් ආගම දහම ජනප්‍රවාද ,දේශපාලණය සහ පුනරුත්පත්ති අතරේ අතරමං වෙති. වෙනස් ආකරයක කියවීමක් අපේක්ෂා කරන අය කවරය දැක පොත අතටවත් නොගෙන යති.

කෙසේ වෙතත් , ඉදිරියේදී මේ සියළු අත් දැකීම් වලින් පරිනත වූ කෘතියක් මේ කතුවරයාගෙන් බලාපොරොත්තු වෙමින් ඔහුට ජය පතමි.

                                                                   
මෙම ලිපිය 
Nilmanie Fernando‎  සහෝදරිය විසින් සකස්කරන ලද්දකි... මෙම ලිපිය සම්බන්ධ සියළුම අයිතීන් ඇය සතුයි...

අන්ධකාර තාරකාව

කරුණාදාස සූරියආරච්චි මහතාගේ "අන්ධකාර තාරකාව" කියෙව්වා.මේකෙ තියෙන්නෙ පියෙකුත් දුවෙකුත් අතර තියෙන තද බැඳීම පිළිබඳව අධ්‍යාත්මික පැත්තෙන් බැලීමක්.මුල හරියේ ටිකක් කම්මැලි හිතුනට කතාව දිග ඇරෙනකොට කම්මැලි ගතිය ඉබේම නැති වෙලා යනවා.රචනා ශෛල්‍යය ටිකක් විතර සංකීර්ණයි කියලයි මට නම් හිතෙන්නේ..මොනවා උනත් ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන් විදිහේ කතාවක්.

''මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබෙයි.ඒ අනුව ''පිටස්තරයා'' සහ ''අවජාතකයා'' යන වචන අවලංගු වී යා යුතුය.මිනිසුන් අතර සිටින්නේ... මිනිසුන්ම මිසක පිටස්තරයෝ හෝ අවජාතකයෝ නොවෙති "
-----------------------------------------------------------
''අන්ධකාර තාරකාව''
කරුණාදාස සූරියආරච්චි
මිල 300/=
                                                                                                     දයාවංශ ජයකොඩි සහ සමාගම


මෙම ලිපිය Asith Kulatunge ‎ සහෝදරයා විසින් සකස්කරන ලද්දකි.... ලිපියේ සියළුම අයිතීන් ඔහු සතුයි...

විල්ලරවාඩිය



විල්ලරවාඩිය කියවලා ඉවර කළා. රුක්‍ෂිලා අක්කා කියපු නිසයි ඒක ඉක්මනින් කියවන්න ගත්තෙ.

ගමක උපතක් සිදු වීම හා ඒ හා බැඳුණු අවශේෂ සිද්ධීන මහ තොගයක් මේ පොතේ තියෙනවා. ගමක උපතක් සිදුවීම ගැන මං පුදුම තරම් ආසාවෙන් කියවපු සහ රසවත් පොතක් තමයි මිනිවන් පී තිලකරත්න මහත්තයා ලියපු ‘ගමක වත’. ගමක් ඉපදීමේ සිට පරිනාමය වන ආකාරය ඉතාමත් රසවත්ව ඒ පොතේ තියෙනවා.

සිංහල කතෝලිකයන් ගැන සහ ඔවුන්ගේ සිරිත් විරිත් ගැන ලියවුණු පොත පත අඩු බවත්, ඒ අඩුව පිරවීමට ලියූ පොතක් බවට වන හැඟවුම් වාක්‍යයක් මේ පොතේ පෙරවදනේ එනවා.

මට දැනෙන විදියට මේ පොතේ චරිත වැඩියි. අපට භාවිතයට නුහුරු නම් නොවුණත්, ඉංගිරිසි සම්භවයක් ඇති නම් මහ ගොඩක් එකට හැප්පෙද්දි ඒ නම් අතර අතරමං වීමක් සිද්ද වෙනවා මිසක් ඒවායින් පොතට ලැබුණු එළියක් මට පෙණුනෙ නෑ. චරිත මහ ගොඩක් තිබීම තුළින් ඒ චරිතය යම් තැනකදි යට ගිහිං, නැවත උඩ එන විටද ඒ චරිතය මතක් කර ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට මං මුහුණ පෑවා.

රුක්‍ෂිලා අක්කා කිව්වා ඊළඟ පොතට මේකෙ පවුල් ගහ ඇදලා දාන බවක්. ඒක නම් සෑහෙන්න ප‍්‍රයෝජනවත් වේවි.

මේකට දේශපාලනය ඈදලා ගත්තෙ මොන දේකටද කියලා මට තේරෙන්නෙ නෑ. අපි කවුරුත් දන්න අතීත දේශපාලන කාරනා ටිකක් ඒ විදියටම මේ පොතට දාලා තියෙනවා. ඒ දේශපාලන කතා වලට ගියපු ඉඩ සාමාන්‍ය කතාව


ට ඉතිරි කරා නම් මීට වඩා කියවන්න දෙයක් තියෙන්න තිබුණා. අවංකවම මං ඒ දේශපාලන කතාව තියෙන පිටු ඇර ඇරයි කියෙව්වෙ. ලංකාවේ අතීත දේශපාලනය නොදන්න කෙනෙකුට උනත් ඒ දේශපාලන කතා ටික ඉන්ටෙ‍්‍රස්ට් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.

පොත කියවලා ඉවර උනාම මට හිතුනෙ අනේ මන්දා කියලා. භාවිතයේ සුලභව නොඇසෙන කතෝලික ජනයා අතර භාවිතා වන වචන කීපයක් මං මේ පොතින් දැන ගත්තා. ඒ තමයි මං මේ පොතින් ගත්ත දේ.

තව කියවපු අය ඉන්නව නම් මේක ගැනත් කතා කරමු.

මෙම ලිපිය Dimuthu TennakÒÓnසහෝදරයා විසින් සකස්කරන ලද්දකි.... ලිපියේ සියළුම අයිතීන් ඔහු සතුයි...

රිදී නිම්ණය





රිදී නිම්ණය
කර්තෘ - කරුණාසේන ජයලත්
1973 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාණලාභී නවකතාව.

උපන් ගම් දොර හැරපියා ,ආණ්ඩුවෙන් ලද ඉඩමක පදිංචියට, දෙමාපියන් සහ සොයුරු සොයුරියන් සමඟ රිදී නිම්ණයට පැමිණි කුසලා මට මුන ගැසුනේ පාසැල් කාලයේදීය. ඇය පිලිබඳ මතකය අලුත් කර ගැනීමට මම නැවත වතාවක් සිල්ලර එලියට (Silver Valley යන ඉංග්‍රීසි නමින් බිඳී ආ සිල්ලර එලිය ) පා නැඟුවෙමි.

කුඩා දැරියක් ලෙස සිල්ලර එළියේ දිවි අරඹන කුසලාගේත්, ඇගේ පවුලේත් දෛනික අරගලය වූයෙ කුසගින්න සමඟය. ඔවුන් ගම් දොර හැර ආවේත්, බඩේ ඇවිලෙන ගින්දරට සිසිලසක් බලාපොරොත්තුවෙනි. ප්‍රාථමික පාසැල් දැරියකගේ සිට සාමාන්‍ය පෙල සිසුවියක දක්වා ඇගේ දෘශ්ඨි කෝණයෙන් , කුසලා අපට ජීවිතය ගැන කියා දෙන්නීය.

මේ කෘතිය ප්‍රකාශ කොට හතළිස් වසක් පසුවූ වර්තමානයේත්, අනන්ත අප්‍රමාණ කුසලා වැනි දැරියන් අප අතර ජීවත් වෙති. ඇය පමණක් නොව එහි එන චරිත සියල්ලක්ම කිසිදු වෙනසක් නැතිව තවම රට පුරා සිටින්නේ යැයි අවිවාදයෙන්ම කිව හැක.
බඩට හරි හමන් කෑමක්ද , ගතට අඳින්නට ඇඳුම්ද නැතිව හෝ පාසැල් ගොස් ඉගෙනීම ලබා ජීවිතයේ අභියෝග වලට බලාපොරොත්තු සහගතව මුහුණ දෙන සියල්ලන්ටම මේ පොත උපහාරයකි.

මා,පිය දූ දරු බැඳීම, යෞවනය,විරැකියාව ,දිලිඳු කම ,පන්ති පරතරය යනාදී තේමාවන් කතාවේ චරිත සමඟ මනාව ගලපා ඇත.

ජයලත් මහතාණෙනි, ඔබ තරම් සංවේදී ලෙස මිනිස් හැඟීම් ගැන ලියූ අයෙකු මට තවම කියවීමට ලැබී නැත.

මෙම ලිපිය 
Nilmanie Fernando සහෝදරිය විසින් සකස්කරන ලද්දකි... මෙම ලිපිය සම්බන්ධ සියළුම අයිතීන් ඇය සතුයි...

මල්ලිගෙ විත්ති...

මම අද කියන්න යන්නෙ මම ජීවිත කාලෙ කියවපු සුපිරිම පොතක් ගැන.... 
පොතේ නම තමයි “මල්ලීගෙ විත්ති”... මේ පොත ගැන මේ ගෘප් එකේ පෝස්ට් පල උනත් මට මතක ඇති කාලෙක මේ පොත ගැන විස්තරයක් එක්ක පෝස්ට් එකක් ගියෙ නෑ... (මගේ මතකය නිවැරදිනම් ) ...
ළමා සාහිත්යිට ලංකාවෙන් බිහිඋන උසස් මට්ටමේ පොතක් විදියට මල්ලිගෙ විත්ති පොත දක්වන්න පුලුවන්..මේ පොත රචනා වෙන්නෙ පොතේ රචකයාගේ ලමා කාලය ඇසුරින් ... පෙරවදනේම ලියවිලා තියෙනව මේක බොහෝ දුරට සත්‍ය සුදුවීම් වලින් යුක්තයි කියල.. කතෘ විසින් කතාවේ රසවත් බව වැඩිකරන්න සුප් කැටයක් තුනපහ ටිකක් වගේ පාවිච්චිකරා කියන එක නොකියා කියල තියෙනව.. මොනව උනත් මේ පොතෙන් දැක්වෙන්නේ ගැමි දරුවෙක්ගේ ලමා අවධිය ගෙවෙන විදියත්, කොලු ගැටයෙකුගේ සෙල්ලං වයසේ දගකාරකම්, කොලුකාරකම් වලින් පිරුණු රසවත් සිද්ධි සමූහයක්.. විශේෂයෙන්ම වත්මන් ළමා පරපුරට උරුම නොවූ, සුන්දර ළමා කාලය (මටද උරුම නොවූ) ගැන වර්තමාන දරුවන්ට අවබෝධයක් ලබන්න ක්‍රියාවෙන් නැතත් මනසින් හරි ඒ ළමාකම විදින්න හොද නිර්මාණයක් විදියට මේ පොත දක්වන්න පුලුවන්... බාල , මහලු , තරුණ කොයි කාටත් කියවල එකසේ විනෝද වෙන්න පුලුවන් රසවිදින්න පුලුවන් පොතක් කියල බය නැතුව කියන්න පුලුවන් (කියවපු අය දන්නව ඇතිනෙ ) .... හිතට දුකක් කරදරයක් ආව වෙලාවට හිත සැහැල්ලු කරගන්න කියවන්න හොද පොතක් (මගෙත් හිනා පොත) ... සිනහවෙන්න කැමති අයට කියවන්න හොද පොතක්...
කතෘ - ගුණදාස ලියනගේ
මා සතු පිටපතේ මුද්‍රනය - සිව්වන මුද්‍රනය 2004
                                                                             මුද්‍රණය සහ ප්‍රකාශනය - බුක්පෝස්ට්, 1169, මරදාන පාර , බොරැල්ල
                                                                                      ISBN – 955-1073-11-8
                                                                             මා සතු පිටපතේ මිල - රු 100/= ** වත්මන් වෙළදපොලේ මිල වෙනස්විය හැක**

නිවන් දැක්මට පෙර


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ජීවිත කතාව නවකතා ශෛලියකින් ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස නිවන් දැක්මට පෙර දැක්විය හැකිය. ආගමික වත් පිලිවෙත් වලට පමණක් සීමා වූ භික්ෂූ පරපුරක් වැඩ සිටි යුගයක , භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ සැබෑ වගකීමත් , කාර්යභාරයත් , ශාසන කටයුතුත් පෙන්වාදුන් සෝම ස්වාමීන් වහන්සේ අන්තවාදී කල්ලි විසින් අපවත් කරන තුරාවට කල උතුම් ශාසන මෙහෙය මැනවින් විස්තර කරන ග්‍රන්ථයකි. ගිහි පැවදි ආගම් ජාති භේදයකින් තොරව සැමට එකසේ කියවිය හැකි මෙන්ම මේ සැමටම ජීවිතයට බොහෝ ආදර්ශද මෙම කෘතියෙන් ලබාගත හැකිය.
නම - නිවන් දැක්මට පෙර
කතෘ - බෙන්තොට රොබට් විජේසේකර
ප්‍රකාශනය - පවර ප්‍රකාශකයෝ
මා සතු පිටපතේ මුද්‍රණය - 2005 සැප්තැම්බර්

මා සතු පිටපතේ මිල - රු 260/-

ගුරු තරුව ඔබයි.........




ගුරු තරුව ඔබයි.........
ශිෂ්ඨාචාරගත නොවූ සිසු පිරිසක් ... එහෙමත් නැත්නම් දඩබ්බර නූගත් පාදඩයන් ගානට වැටුනු සිසු පිරිසක්... සමාජයෙන් ගුරුවරුන්ගෙන් කෙතරම් කොන් වෙනවාද... සිසුන්ගේ වැරදිවලට දඩුවම් කිරීමෙන්ම සිසුන් වෙනස් කරන්න පුලුවන්ද?.. උගන්වන්න බෑ.. හදන්න බෑ.. මුන්ට ඉගෙනගන්න බෑ... මුන්ගෙ හැදියාවක් නෑ... කියල කෑ ගහන ගුරුවරු පිරිසක් තුල සිසුවෙක්ට තම වැරදි අඩුපාඩු හදාගෙන ගොඩ එන්න පුලුවන්ද... සමාජයෙන් පමණක් නෙවෙයි සිසුන්ගෙන් පවා කොන් උන චරිතයකට සිසුන්ගේ අඩුපාඩු හදල සිසුන්ව යහ මගට ගන්න පුලුවන්ද?... එහෙම චරිත ඉන්නෙ කතා පොත් වල විතරමද?.......... මෙන්න ඒ හැම එකටම පිලිතුර............. දහසක් ගුරුවරුන් අතර සැබෑ ගුරුතුමෙක් ගැන කියවෙන .... ගුරු තරුව ඔබයි.......................
මහත්මා ගති ගැන මහ ලොකුවට කතා කරන .. මානව අයිතිවාසිකම් වගේ ලොකු මාතෘකා ගැනත් ලොකුවට කතා කරන එංගලන්තයේ එක්තරා යුගයක කලු ජාතිකයන්ට පහත් විදියට සැලකුවා.... එහෙම කාලයක මුඩුක්කු පරිසරයක හැදුනු ශිෂ්ඨාචාරයෙන් බැහැර උනු... නිවැරදි වචනයෙන් කියනවනං පාදඩ වෙච්ච , හදන්න බෑ උගන්වන්න බෑ කියල අහකදාපු පාසල් කොල්ලො කෙල්ලො ටිකකට ජීවිතයේ නිසි මග කියල දෙන “පෙන්වා මග - නොමග නොවැටී යන සැටි” පෙන්වාදෙන සැබෑ ගුරුතුමෙක්ගේ කතාව ... නිවැරදිම වචනෙන් කියනවනම් ගුරු තරුවකගේ කතාව මේ ගුරු තරුව ඔබයි පොතෙන් ගෙන එනව.... පාසල් ගුරුමන්ඩලයෙන් විතරක් නෙවෙයි සිසුන්ගෙනුත් තමුන්ගේ කලු හමට එන අපහාස උපහාස තඹේකට මායිම් නොකර ... සිසුන්ගේ ජීවතයේ වැරදුන තැන් සොයා පිලියම් කරමින් සිසුන්ට අලුත් ජීවිතයකට යහපත් අනාගතයකට මාර්ගය හදන මේ ගුරුතුමා .. ගුරුතුමෙකුගේ කාර්යභාරය පොත පත දැනුම දීම පමණක් නොව ජීවිතය සමාජය යහපත් ගති පැවතුම්ද ඉගැන්වීම බව පෙන්වනවා... ගුරුවරු අතර සැබෑ ගුරු පියෙක් වන මේ ගුරුතුමාගේ කතාව තවත් එක් ප්රදබන්ධයක් නොවී සත්යම කතාවක් වීමත් විශේෂත්වයක් වෙනවා... මේ පොත කියවා මම තේරුම්ගත් දේ නම් “වන සීපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” කියන එකයි.... ඕනෑම කෙනෙකුට කියවල රසවිදින්න පුලුවන් මේ පොත කියවනකොට තමන්ගෙ ජීවිතයේ යහපත් විදියේ වෙනසකට හේතු උන ගුරුතුමෙක් ගුරුතුමියක් මතක් වේවි... මේ පොත සෑම ගුරුවරයෙක්ම අනිවාරයෙන් කියවිය යුතු පොතක් කියල මම හිතනව...... මම මගේ ගුරුතුමෙක්ට හරි ගුරුතුමියකට හරි තෑග්ගක් දෙනකොට මේ පොතේ                                                                           පිටපතක් වරද්දන්නෙ නෑ...
නම - ගුරු තරුව ඔබයි
කතෘ - එඩ්වඩ් රිකාඩෝ බ්රේනත්වෙට්
පරිවර්තනය - මුදිත ගුණතිලක
ප්‍රථම මුද්ර්ණය - 2006
ප්‍රකාශනය - විජේසූරිය පාඨක පදනම ,812, මරදාන පාර, පුංචි බොරැල්ල.
ISBN – 955-1387-84-8
ප්රNතම මුද්රිණයේ මිල - රු 200
**** මෙම කෘතියම සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් “ආදරණීය ගුරුතුමනි” නමින් පරිවර්තනය කරා
එහි ප්‍රකාශනය සරසවි ප්ර්කාශකයෝ, ISBN 955-573-275-2

මැටිල්ඩා





නම - මැටිල්ඩා

කතෘ - රෝල් ඩාල්
පරිවර්තනය - උපාලි උබයසේකර
ප්‍රකාශනය - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මා සතු පිටපතේ මුද්‍රණය - 2002
මා සතු පිටපතේ මිල- රු 250/- (මෙම මිල මුද්‍රණය අනුව වෙනස් විය හැක)
ISBN – 955-652-095-8






මැටිල්ඩා, පොත් වලට ආදරේ කරන, කෙලවරක් නැති තරමට පොත් කියවන්නට ආස කරන, වයසට වඩා බොහෝම අසාමාන්‍ය දස්සකම් ඇති පුංචි කෙල්ලක්. ඒත් එයාගෙ අම්මා, තාත්තා ඒ කියන්නෙ වර්ම්වුඩ් නෝනයි,මහත්මයයි නම් හිතන්නෙ වෙනස් විදියකට මැටිල්ඩා ගැන. ඒ දෙන්නා හිතන්නේ මැටිල්ඩා කියන්නේ හරිම කරදරකාරියක්,හරිම හිසරදයක් කියලයි.මැටිල්ඩා ඒ දෙන්නා ගැන හිතන්නේ,ඇත්තටම නිවැරදිව හිතන්නේ, දවස පුරා ටී.වී බලන්නටත් , මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්නත් විතරක් දන්න දෙන්නෙක් හැටියටයි. මැටිල්ඩා තීරණය කලා මේ දෙන්නාට දඩුවම් කරන්න, මේ නරක වැඩ කරන නිසා. වැඩි දවසක් යන්න ඉස්සර මැටිල්ඩාට තේරුම් ගියා, එයාට මොකද්දෝ අද්භූත බලයක් තියෙන බව. ගෙදරදී විතරක් නෙවෙයි, එයාගේ ක්‍රන්ච් හෙම් හෝල් පාසලේදිත් නොයෙකුත් දේවලට ඒ බලය උදව් වෙන බව මැටිල්ඩාට තේරුම් යනවා. මැටිල්ඩා ගේ පාසලේ ඉන්න හැමෝම එයාලගෙ විදුහල්පතිනියට, ඒකියන්නෙ “ලොකු මිස්ට පණ බයේ තමයි ඉන්නේ. දන්නවද කවුද ඒ පාසලේ ලොකු මිස් කියල ? එයා තමයි මිස් ට්‍රන්ච්බුල්.... අප්පෝ එයාගෙ හැටියි එයාගෙ වැඩයි.... කියවල බලන්නකෝ මැටිල්ඩාගේ කතාව...
මේ ළමා නවකතාව මේ සම්මානවලින් පිදුම් ලබල තියෙනවා....


Federation of Children’s Book Group Award (UK 1988)
Voted “Nation’s Favorite Children’s Book ” in BBC Bookworm Poll (UK 1998)
මගේ පුද්ගලික අදහස - මා සතු ලමා කතා එකතුවේ ඩාල්ගෙ පොත් වලට ලැබෙන්නෙ විශේෂ තැනක්! එයිනුත් වැඩියෙන්ම සිත් ගත් පොත් අතර තියෙන එකක් මැටිල්ඩා...





මිහිදු ගිරෙන් හිමගිරට

මිහිදු ගිරෙන් හිමගිරට
කතෘ - පුජ්‍ය පණ්ඩිත මිස්සක කමලසිරි හිමි

මුද්‍රණය - සරසවි ප්‍රකාශකයෝ
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ
මිල - රු-550.00


 ISBN-978-955-671-333-6